
මේෂ - හදිසි මුදල් ලැබීමක්
තනතුරු මාරුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරමින් සතිය ආරම්භ වන මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ11, 12,1 යන භාවස්ථාන වල ගමන් කරයි. නිතර ගත සිත වෙහෙසා කටයුතු කිරීමට සිදුවන සතියකි. තමා ළඟින් ඇසුරු කළ කෙනකුගේ දුරස්වීමක් සිදුවීමට ඉඩ ඇති බවක් පෙන්වයි. ගෘහ ජීවිතයේ වගකීම් මග හැරී යන අතර පදිංචි ස්ථානයෙන් පිට වාසයට කරුණු ඇති කරයි. පවුලට අලුත් සමාජිකයෙක් ඒක් වන ලකුණු පෙන්නුම් කරයි. සති අන්තයේදී නොසිතු ලෙස හදිසි මුදල් ලැබීමකට හිමිකම් ඇති කරයි. ආගමික සැලසුමකටද කටයුතු සැලසෙන බවක් පෙනේ.
සිංහ - සෙම් අමාරුවක්
ලාභගෙන දෙන මාර්ග කීපයක් උදා කරමින් සතිය ආරම්භ වන සිංහ ලග්න හිමි ඔබගේ සඳු ගමන් කරන්නේ 7,8.9 යන භාවස්ථානවලයි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු සැලසෙන සතියකි. සහෝදරයකු සමඟ ඇති වන මතභේදකාරී බවක් දුර දිග යන ලකුණු පෙන්නුම් කරයි. සතිය මැද කාලය වන විටදී පාදයේ වළලුකර ආශ්‍රිත ඇති වන අසනීපකාරී බවක් දුර දිග යන ලකුණු පෙන්නුම් කරයි.
නිතර තමා සොයාගෙන එන කෙනකු නිසා කරදරකාරී බවක් ඇති කරයි. සති අන්තයේදී සෙම් අමාරුවක් හේතුවෙන් රෝහල් ගත වීමක් සිදුකරයි.
ධනු - පැරණි හිතවත්කමක් අලුත් කරයි
වෙනදාට වඩා කල්පනාකාරීව කටයුතු සිදුකළ යුතු සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 3,4,5 යන භාවස්ථාන වල ගමන් කරයි. විදෙස් ගත ඥාතියකුගේ උපකාරයක් ඇතිව කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවේ. නිතර දනට පිනට ලැදිව කටයුතු කරන කාලයකි. එහෙත් සතිය මැද කාලයේදී ශාරිරික වෙහෙස ගෙන දෙන අන්දමේ කටයුතු කීපයක් සැලසීමට ඉඩ ඇත. අඹුසැමි සුහදතාවයට බාධාකාරි වන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. නිතර වැඩිහිටි අනුශාසනා මැද කටයුතු කිරීමට සිදුවන බවක් පෙන්වයි. පැරණි හිතවත්කමක් අලුත් වන කාලයකි. සති අන්තයේ දරුවකු වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට සිදුවන බවක් පෙන්වයි.
$ads={2}
වෘෂභ - ව්‍යාපාර වාසි
වගකීම් බහුල වුවත් ඒවා ක්‍රමවත් ලෙස කරගෙන යාමට සැලසුම් සකස් වන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 10,11,12 යන භාවස්ථාන වල ගමන් කරයි. මව්පස ඥාතියකු වෙනුවෙන් කැප වී කටයුතු කිරීමට සිදුවන සතියකි. එමෙන්ම වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන බවක් පෙන්නුම් කරයි. හදිසි දේපල ගනුදෙනුවකට කටයුතු සැලසෙන සතියකි. දරුලාභ අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක කාලයක් වන අතර නිතර ඇති වන ගමන් බිමන් වලින් පරිස්සම් වන්න. ව්‍යාපාර කටයුතු වලින් තමාට වාසිදායක බවක් පෙන්නුම් කරයි. සති අන්තයේදී අඹුසැමි විශ්වාසය බිඳ වැටීමට තුඩු දෙන අන්දමේ කරුණු කීපයක් ඇති කරයි.
කන්‍යා - ණය ගනුදෙනුවකින් නිදහස්
වරින් වර ඇති කරන වාත වේදනාවක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 6,7,8 යන භාවස්ථාන වල ගමන් කරයි. නීති ගැටලුවකට මැදි වීමට සිදුවන සතියක් වන අතර වෙනදාට වඩා ඉවසීමෙන් කටයුතු කළ යුතු බවක් ද පෙන්නුම් කරයි. වරින් වර ශාරීරික වෙහෙසිම් ඇති කරන සතියකි. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ පුවතක් අසන්න ලැබේ.
සතිය මැද කාලයේදී මෙතෙක් පැවැති ණය ගනුදෙනුවකින් නිදහස් වීමට කටයුතු සැලසේ. ආගමික සැලසුමක් වෙනුවෙන් දුර පළාතකට යාමට කටයුතු සැලසෙන බවක් පෙන්වයි.
මකර - හදිසි වැටීම් තැලීම්
හදිසි දේපල ගණුදෙනුන් වෙනුවෙන් වෙහෙසීම් ඇතිකරමින් සතිය ආරම්භ වන මකර ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 2,3,4 යන භාවස්ථාන වල ගමන් කරයි. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති කාලයක් බැවින් එදිනෙදා කටයුතු පිළිබඳ සැලකිලිමත්ව කටයුතු කරන්න. මව්පස ඥාතියකු නිසා නොසිතූ පාඩුවක් සිදුවීමට ඉඩ ඇත. රැකියාවේ කටයුතු සම්බන්ධ ඇතිව තිබූ ගැටලුකාරි බව මඟහැරී යයි. අඹුසැමි විශ්වාසය බිඳ වැටි යන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. පාදයේ වළලුකර ආශි‍්‍රත ඇතිවන වේදනාකාරි බවක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. හදිසි වැටීම් තැලීම වැනි අනතුරුදායක තත්ත්වයකට ඉඩ ඇති කාලයක් බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න.
මිථුන - වාහන ගනුදෙනුවක්
අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක වෙමින් පවතින අතර මේ සතියේ සඳු ග්‍රහයා 9,10,11 යන භාවස්ථාන වල ගමන් කරයි. නිතර සිදුවන වාහන ගමන් වලින් පරිස්සම් විය යුතු සතියකි. දරුවන්ගේ අධ්‍යාපනික සැලසුමක් වෙනස් කිරීමට සිදුවන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි.
සතිය මැද කාලයේදී නිතර හට ගන්නා අතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. එමෙන්ම හදිසි වී තීරණ ගැනීමෙන් තමාට අවාසිදායක තත්වයක් ඇති කරයි. වාහන ගනුදෙනුවක් සිදුවන අතර විදෙස් හිතවත්කමක් ද අලුත් කරයි.
තුලා - දේපල මිලදී ගැනීමක්
සැනසිලිදායක ලෙස සතිය ආරම්භ වන තුලා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 5,6,7 යන භාවස්ථාන වල ගමන් කරයි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන සතියකි. වරින් වර නිවසින් පිට වාසයට කරුණු සැලසෙන බවක් පෙන්නුම් කරයි. වෙනදාට වඩා තම ශරීර සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් විය යුතු බවක් පෙනේ.
පෙම් සබඳතාවයකට මව්පිය ආශිර්වාදය හිමිවන කාලයකි. නිතර ප්‍රභූ අය හා ඇසුරට අවස්ථාව උදා කරයි. අලුත් දේපලක් මිලදී ගැනීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටු වන ලකුණු පෙනේ. පවුලේ දානමය පිංකමකට කටයුතු සැලසෙන සතියකි. මෙතෙක් පැවැති ආදායම් මාර්ගයකට අවහිරතා ඇති කරයි.
කුම්භ - ණය ගනුදෙනුවක්
අවිවේකී සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 1,2,3 යන භාවස්ථාන වල ගමන් කරයි. වෙනදාට වඩා වගකීම් බහුල කරන සතියකි. පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට සිදුවේ. අලුත් කටයුතු කීපයක් ආරම්භ කිරීමට සැලසුමක් ඇති වුවත් ඒවාට බාධා ගෙන දෙන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. නිතර තමා හමුවට එන කෙනකු නිසා කරදරකාරී බවක් ඇති කරයි. ණය ගනුදෙනුවක් හේතුවෙන් පවුලේ කෙනකු සමඟ සිත්අමනාපකමක් ඇතිකර ගැනීමට හේතු යෙදේ. වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු කළත් සාර්ථක ප්‍රතිඵල අත්නොවන බවක් පෙන්වයි. නිතර ගුප්ත කටයුතුවලින් පිහිට පතන කාලයකි.
කටක - දණහිසේ වේදනාවක්
ලැබීම් අතින් යහපත් සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රයා 8,9,10 යන භාවස්ථාන වල ගමන් කරයි. නොගැලපෙන ඇසුරකට කටයුතු සැලසෙන සතියක් වන අතර පවුලේ කටයුතු වලදී මූලික වී කටයුතු කිරීමට සිදුවේ. වෙනදාට වඩා කෑමෙන් බීමෙන් පරිස්සම් විය යුතු කාලයකි. වරින් වර ඇති කරන දණ හිසේ වේදනාවක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි.
අලුත් රැකියා අපේක්ෂිතයන්ට සුබදායක කාලයකි. යටපත් වූ සෙම් රෝගී තත්ත්වයක් නැවත මතුවන ලකුණුපෙනේ. පවුලේ විවාහ ගිවිස ගැනීමක් කල් යන ලකුණු පෙන්නුම් කරයි. නැති වූ දෙයක් නැවත හිමිකරන සතියකි.
වෘශ්චික - වගකීම් ඉටුකරයි
විදෙස් සැලසුමක් වෙනුවෙන් අත ගැසීමට කටයුතු සැලසුම් වන සතියක් වන අතර මේ සතියේ යොදාගත් සැලසුම් කීපයක්ද වෙනස් කිරීමට සිදුවේ. වෘශ්චික ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 4,5,6 යන භාවස්ථාන වල ගමන් කරනු ඇත. පවුලේ අය වෙනුවෙන් වගකීම් කීපයක් ඉටුකර ගැනීමට කටයුතු සැලසෙන බවක් පෙනේ. අමතර ලැබීම් වලට හිමිකම් ඇති කරයි. සතිය මැද කාලයේදී වරින්වර ඇතිකරන යටිබඩේ වේදනාවක් හේතුවෙන් විවිධ පරීක්ෂණ වලට භාජනය වීමට සිදුවේ. දරුවන් පිළිබඳ සතුටට පත්විය හැකි සතියකි. වෙනදාට වඩා කල්පනාවෙන් මුදල් පරිහරණය සිදුකරන්න.
මීන - අලුත් දේපල මිලදී ගැනීමක්
ආගමික සැලසුමක් වෙනුවෙන් කටයුතු සංවිධානය වෙමින් පවතින සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 12,1,2 යන භාවස්ථාන වල ගමන් කරයි. වෙනදාට වඩා ඇවිදිලි ඇතිකරන අන්දමේ කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇති කාලයකි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවිය හැකි කාලයක් බැවින් කෑමෙන් බීමෙන් පරිස්සම් විය යුතු බවක් පෙනේ.
සතිය මැද කාලයේදී මව්පිය උරුමයක් පිළිබඳ සහෝදරයන් අතර මතභේදකාරි බවක් ඇති කරයි. නැතිවූ දෙයක් නැවත හිමිවන කාලයකි. අලුත් දේපලක් මිලදී ගැනීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුකරයි. සති අන්තයේදී අලුත් හිතවතකු හමුවීමට මඟ සැලසේ.