ප්‍රවීණ ජ්‍යොතිෂවේදී කේ. ඒ .යූ .සරත්චන්ද්‍ර මහතා සඳහන් කරන්නේ ඉදිරියේදී සිදුවීමට නියමිත සෙනසුරු සහ ගුරු මාරුව හේතුවෙන් නොවැම්බර් මස 20 පසුව රට තුළ නව දේශපාලන බලවේගයක්
පෙරට එන බවයි.
එහිදී ගුරු මාරුව හේතුවෙන් ජනතාවට ප්‍රඥාව පහළ වන බවත් ඒ අනුව මෙලෙස පෙරට එන බලවේගය රටට හිතකර බලවේගයක් බව සරච්චන්ද්‍ර මහතා සඳහන් කරනවා.
එම බලවේගය විසින් ඉදිරියේ දී රටේ පාලන බලය ලබා ගන්නා බවද ඒ මහතා සඳහන් කරනවා.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී කේ .ඒ.යූ සරච්චන්ද්‍ර මහතා සඳහන් කරන්නේ 2022 වර්ෂයේ අප්‍රේල් මාසයට පෙර ආණ්ඩුවට නියත වශයෙන්ම පවතින ග්‍රහචාරය අනුව මැතිවරණය පැවැත්වීමට සිදුවන බවයි.
එමෙන්ම සරච්චන්ද්‍ර මහතා වැඩිදුරටත් සඳහන් කළේ ඉදිරියේදී ආණ්ඩුවට එරෙහිව පවතින ග්‍රහ ග්‍රහචාරය අනුව දැවැන්ත උද්ඝෝෂණ රට තුළ අරගල ඇතිවිය හැකි බවයි.ඒ අනුව ඉදිරියේදී ආණ්ඩුවට ඉතා අසීරු තත්ත්වයක් උදාවන බව ද සරච්චන්ද්‍ර මහතා සඳහන් කළා.
$ads={2}