අද දවසේ ලග්න පලාපල - 2021 නොවැම්බර් මස 13 වන සෙනසුරාදා

 

මේෂ

කි‍්‍රයාශීලීව දවස ගෙවයි. සුපුරුදු රාජකාරිවලදී අතමිදේ. ගමන් බිමන්වල යෙදේ. විනොද් ජනක කි‍්‍රයාවන්වලට සහභාගි වෙයි. මහජන ප‍්‍රසාදයට පත් වෙයි. පොදු සේවා කටයුතු, කි‍්‍රයාකාරකම්වල යෙදේ. සෙම් කෝප රෝග, ඌෂ්ණ රෝග මතු වේ.

වෘෂභ

සාමාන්‍ය ලෙසින් දවස ගෙවයි. තම ඥාති මිත‍්‍රාදීන් ඒකරාශීව කි‍්‍රයා කරයි. විනෝද ගමන්, විනෝද ජනක කි‍්‍රයා ආදියෙහි යෙදෙන වැයපස ද අධිකවන දිනකි. අමතර ලාභ ද දෙයි. සන්ධි ප‍්‍රදාහ රෝග මතු කරයි.

මිථුන

සාමාන්‍යයෙන් ශුභවාදී ඵල දෙයි. තම ඥාති මිත‍්‍රාදීන් ඒකරාශීව කි‍්‍රයා කරයි. තම නිවස උත්සවශී‍්‍රයාවක් මතු කරයි. මිල මුදල් වැය වෙයි. නවක මිතුදම් ඇති වෙයි. මූල රෝග, බඩවැල් ආශි‍්‍රත රෝග මතු වෙයි.

කටක

ශුභාශුභ ඵල දෙයි. විනෝද ගමන්, විනෝද ජනක කි‍්‍රයා ආදියෙහි යෙදේ. බලාපොරොත්තු රහිතව වැයපස ද ඉහළ යයි. ණයතුරුස් වීමට හේතුයි. දුරදිග බලා උපදෙස් මත කි‍්‍රයා කළ යුතුයි. සිරසගත රෝග මතු කරයි.

සිංහ

ශුභාශුභ මිශ‍්‍ර ඵල සිත් චංචල කරවන ප‍්‍රශ්න යෙදෙන අතර තම ඥාතීන් නිසා මිල මුදල් වැය කිරීමට හේතු කරුණු යෙදේ. කලකිරීම් මත දවස වැඩි කලක් ගෙවේ. ස්නායුගත රෝගවලට හේතුයි.

කන්‍යා

දවස සාමාන්‍ය ලෙසින් ගෙවේ. සුපුරුදු රාජකාරිවලින් නිදහස්ව නව මඟක ගමන් යෙදෙයි. පොදු සේවා, සමාජ සත්කාරක කි‍්‍රයා වැනි දේවලට හේතුයි. සිරසගත රෝග මතු වේ.

තුලා

ශුභාශුභ මිශ‍්‍රඵල දෙයි. දවස සාමාන්‍ය ලෙසින් ගෙවෙන අතර පොදු සේවා, සමාජ සත්කාරක කි‍්‍රයාවන්හි යෙදේ. සුහදතා වර්ධන කටයුතු ද යෙදේ. දහමට ලැදි වේ. සෙම් කෝප රෝග මතු කරයි.

$ads={2}

වෘශ්චික

තරමක් අලසගති මත දවස ගෙවයි. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත කි‍්‍රයා කරයි. කෙටි ගමන් යෙදේ. හුදකලා ගති ඉස්මතු කරයි. දහමට යොමුව කි‍්‍රයා කරයි. මුත‍්‍රා ආසාදන මතු වේ.

ධනු

ශුභාශුභ මිශ‍්‍ර ඵල මතු කරයි. දවස කි‍්‍රයාවන්හි ප‍්‍රබෝධමත්ව යෙදේ. වගකීම් බහුල දිනකි. පී‍්‍රති උත්සවවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. ඉදිමුම් රෝග, සන්ධි ප‍්‍රදාහ රෝග සාදයි.

මකර

ශුභාශුභ මිශ‍්‍ර ඵල මතු කරයි. හදිසි ගමන් යෙදේ. නවක මිතුදම් ඇති වෙයි. සුහද හමුවීම්වලට හේතුයි. විනෝදකාමීව දවස ගෙවයි. සතුරු බලපෑම් එල්ල වෙයි. සෙම් බහුල වෙයි.

කුම්භ

ශුභවාදී ඵල ගෙන දෙයි. විනෝද ජනක කි‍්‍රයාවන්හි යෙදේ. නවක මිතුදම් ඇති වෙයි. පේ‍්‍රම සබඳතා මතු කරයි. හදිසි ලාභ ලැබීම්වලට හේතුයි. සෞඛ්‍ය තත්ත්වය පිරිහීමෙන් රෝග සාදයි.

මීන

ශුභාශුභ මිශ‍්‍රඵල මතු කරයි. පී‍්‍රති උත්සව යෙදේ. වැයපස ඉහළ යයි. ඥාති මිත‍්‍රාදීන් සමග සුහදතා වර්ධන කි‍්‍රයාවන්හි යෙදේ. නවක මිතුදම් ඇති වෙයි. සිරසගත රෝගවලට හේතුයි.

Post a Comment (0)
Previous Post Next Post