අයවැය යෝජනාවලට අනුව මත්පැන් මිල කෙසේ වැඩිවේදැයි නෙත් නිවුස් සොයා බැලීමක් කළා. එහිදී අනාවරණ වුණේ මිලිලීටර් 750 ක මත්පැන් බෝතලයක් සඳහා රුපියල් 96 යේ සිට 126 දක්වා අතර මිලකින් බදු වැඩිවනු ඇති බවයි.
මිලිලීටර් 750 හේ දේශීය මත්පැන් බෝතලයක් සඳහා රුපියල් 96 ත් 103 ත් අතර මුදලක බදු වැඩිවීමක් සිදුවනු ඇති. මෙරට නිෂ්පාදනය කෙරෙන විදේශීය මත්පැන් බෝතලයකට රුපියල් 126 ක බද්දක් අයකරනු ඇති බවටයි පැවසෙන්නේ.
මිලිලීටර් 330 සැර සියයට 05 ට අඩු බීර කෑන් එකක් සඳහා රුපියල් 03 ක නව බද්දක් ද, සැර සියයට 05 ට වැඩි බීර කෑන් එකක් සඳහා රුපියල් 15 ක නව බද්දක් ද අයකරනු ඇති බව වාර්තා වනවා.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී මුදල් අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු පැවසුවේ නිෂ්පාදන වියදම් ද එක් කිරීමෙන් පසු මීට වඩා වැඩි අගයකින් අදාළ සමාගම් මත්පැන් මිල ඉහළ නංවනු ඇති බවයි. මත්පැන්වලට අමතරව සිගරට් සඳහා වන බදු වැඩි කිරීමට ද අයවැයෙන් ඊයේ යෝජනා කෙරුණා. ඒ අනුව සිගරට්ටුවක මිල රුපියල් පහකින් පමණ ඉහළ යනු ඇත...
$ads={2}