අල්ලේ රේඛා වලින් ඔබේ අනාගතයට කොහොම ද? ඔබේ විවාහය හා ආදරය ගැන දැනගන්න


සාස්තර කියන කට්ටිය නම් හැමතැනම.ඒත් අහන්න නම් ටිකක් බයයි නේද ඒත් අපි අද කියන්න යන්නේ හස්ත්‍ර රේඛා ශාස්ත්‍රය ගැන.මේ ශාස්ත්‍රය අපට කවදාවත් අසත්‍ය කියා බැහැර කරන්නට බැහැ මොකද මේක ගැඹුරු විද්‍යාවක්.ඒ නිසා කියලා දෙන්නට යන්නේ අත දිහා බලලා ඔයාට අනාගතයේ හමුවන ආදරවන්තිය හා ආදරවන්තයාහා විවාහය ගැන හරියටම දැනගන්නේ කොහොමද කියලා.

මෙහිදි අත්වල ඇගිලි වලට යටින් ඇති පළමු රේඛාව ගැන සලකා තමයි අනාවැකි පවසන්නේ ඒ රේඛාවට කියන්නේ විවාහ රේඛාව කියලා.ඔබේ අත්දෙක පිහිටන ආකාරය බලලා හරියටම කියන්න පුළුවන් ඔබේ සහකරු හෝ සහකාරිය මොනවගේද කියලා

$ads={2}

♣සමාන උසින් පිහිටන්නේ නම්

ඔයාගේ අත් දෙක ඉහත රූප සටහනේ පළමු අංකය වගේ විවාහ රේඛා දෙක පිහිටලා තියෙනවා නම් ඔබේ ආදරය හා විවාහය ගැන කියවෙන්නේ මේ විදහටයි.ඔයාට හම්බවෙන අනාගත සහකරු හෝ සහකාරිය බොහෝම මෘදු ගතිගුණ තියෙන හොද කෙනෙක්.ඉක්මනට අනිත් අයව තේරුම් ගන්න පුලුවන්.කිසිම දෙයක් එකවර ප්‍රතික්ෂේප කරන්නේ නම් නැහැ.ඒ වගේම ගොඩාක් සංවේදි කෙනෙක්.ඔහුට හෝ ඇයට උප්පත්තයෙන්ම හොද ගතිගුණ පිහිටලා තියෙනවා.මේ වගේ අල්ලේ විවාහ රේඛා දෙක සමානව පිහිටනවා නම් අනාගත සහකරු හෝ සහකාරියට ඔයාගේ පවුලේ හැමෝම වගේම යාලුවොත් කැමති.ඒ කියන්නේ අනිත් අයගේ හිත් දිනාගන්න හරිම දක්ෂයි.ඒ නිසා ඔබගේ විවාහය හැමෝගේම ආශිර්වාදය මත සිදුවනවා.

♣දකුණේ රේඛාව උසින් පිහිටන්නේ නම්

ඔයාගේ අත් දෙක එකට තිබ්බාම අකුණු අතේ විවාහ රේඛාව උසින් තියනවා නම් ඔයා ගොඩාක් කැමති ඔයාට වඩා වයසින් වැඩි කෙනෙක්ව බදින්න.ඒ කියන්නේ ඔයාගේ අනාගත සහකරු හෝ සහකාරිය ඔයාට වඩා වයසින් ගොඩාක් වැඩි කෙනෙක් වේවි.ඒ වගේම ඔහුට හෝ ඇයට පු¨වන් කෙනෙක් දැකක් ගමන් එයාගේ ඇතුළාන්තය තේරුම් ගන්නට.සමාජ සම්මතයන්වලට සීමා වෙලා වැඩ කරන කෙනෙක් නම් නෙමෙයි.හිතට හරි කයලා හිතන ඕනෑම දෙයක් කරන කෙනෙක්.බය නම් ගෑවිලාවත් නැහැ.

♣වම් අතේ රේඛාව උසින් පිහිටයි නම්

වම් අතේ රේඛාව උසින් තියෙන කෙනෙක්ට හමුවන සහකරු හෝ සහකාරිය බොහෝ වෙලාවට කඩවසම් ලස්සන කෙනෙක් වෙනවා.ඒ වගේම කලහකාරි කෙනෙක්.ජිවිතේට එන අභියෝග භාරගන්න ගොඩාක් කැමති කෙනෙක්.හැබැයි ඔහු හෝ ඇය ටිකක් සරාගීයි.ඔහු හෝ ඇය බොහෝ විට ඔබ යටතේ සේවය කරන සේවකයෙක් හරි විදේශ ජාතිකයෙක් හරි ශිෂ්‍යයෙක් වන්නට පුලුවන්.

එහෙනම් මේ ලිපිය හැකිතරම් ෂොයාර් කරන්න අමතක කරන්න එපා. ඔබට ජය


Post a Comment (0)
Previous Post Next Post