ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වෘත්තීය සමිති නායකයා වන බන්දුල සමන් කුමාර මහතා සඳහන් කරන්නේ ඉදිරි දින කීපය තුළ රට තුළ දැවැන්ත ඉන්ධන අර්බුදයක් ඇතිවන බවයි.
එහිදී පැට්‍රල් සහ ඩීසල් අර්බුදයක් දැවැන්ත ලෙස ඇති වන බව ඒ මහතා සඳහන් කරනවා.
එයට හේතුව ලෙස බන්දුල සමන් කුමාර මහතා සඳහන් කරන්නේ
සපුගස් කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු තාවකාලිකව නතර කිරීම සහ රටේ පවතින ඩොලර් හිගයයි
මේ අතර බන්දුල සමන් කුමාර මහතා පවසන්නේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේ මොහොතේ ලබන පාඩුවේ මිදීමට නම් ඩීසල් ලීටරයක් රුපියල් 43 සහ පෙට්ට්‍රල් ලීටරයක් රුපියල් 18 කින් වැඩි කළ යුතු බවයි .
මේ අතර බන්දුල සමන් කුමාර මහතා වැඩිදුරටත් සඳහන් කළේ
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ණය ලබාදීම හේතුවෙන් මහජන බැංකුව සහ ලංකා බැංකුව ඉදිරියේදී බංකොලොත් භාවයට පත් වීමට නියමිත බවයි.
$ads={2}