බම්බලපිටිය බෝරා මුස්ලිම් දේවස්ථානයට පෙට්‍රල් බෝම්බ ගසා මනුෂ්‍ය ඝාතනයකට තැත් කළැයි අත්අඩංගුවට ගත් සැකකරුවකු මෙම 23 වැනි දින තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා ඊයේ (10 වැනිදා) නියෝග කළාය.
බම්බලපිටිය පොලිසිය අත්අඩංගුවට ගත් බම්බලපිටිය ආදීමලේ පෙදෙසේ පදිංචි හුසේමා අබ්බාස් කැන්බෝයි නමැති සැකකරුවකු එලෙස රිමාන්ඩ් භාරයට පත් කෙරිණි.
$ads={2}
මෙම සැකකරු පෙරේදා (9 වැනිදා) උදෑසන බෝරා දේවස්ථානයේමුළුතැන්ගෙයට එක් පෙට්‍රල් බෝම්බයක් එල්ල කර තිබෙන බවත්, බෝම්බය පිපිරී නොමැති බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.
එම පෙට්‍රල් බෝම්බය ගැසූ ස්ථානයේ කිලෝග්‍රෑම් 36 1/2ක ගෑස් සිලින්ඩර 6ක් තිබී ඇති අතර යම් හෙයකින් පෙට්‍රල් බෝම්බය පුපුරා ගියේ නම් විශාල විනාශයක් සිදුවීමට ඉඩ තිබුණු බවද පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.
අදාළ සැකකරු නැවත නිවසට ගොස් තවත් බෝම්බයක් ගෙනවිත් දේවස්ථානයට දමා ගසා ඇතැයි දන්වා සිටි බම්බලපිටිය පොලිසියේ නිලධාරීන් සැකකරු දමා ගැසූ දෙවැනි බෝම්බය පිපිරී ගොස් නැතැයිද අධිකරණයට දන්වා සිටියේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයාගෙන්ද වාර්තාවක් ලබා ගන්නා බව දන්වා සිටි පොලිසිය මේ සම්බන්ධයෙන් සැකකරු කිසිදු ප්‍රකාශයක් සිදුනොකරන බවද අධිකරණයට දන්වා සිටියේය.
-Aruna News Paper