අද දවසේ ලග්න පලාපල - 2021 නොවැම්බර් මස 12 වැනිදා සිකුරාදා


මේෂ - ආදායම සරුවේ

ආදායම් මාර්ග සරු වේ. ගෞරව සැලකිලි ලැබේ. වෙළෙඳ කටයුතුවල නිරත අයගේ දියුණුවක් ඇති වේ. අලංකාරයට ප්‍රසිද්ධියට කටයුතු කරයි. පියාගෙන් උරුම ලැබේ. අලුත් උසස් මිත්‍රයන් ආශ්‍රයට පත් වේ.

කටක - ගරු සැලකිලි අඩුවේ

සිත් තැවුල් ඇති වේ. වියදම් පක්ෂය පාලනය කර ගැනීම අසීරුයි. ගෞරව සැලකිලි අඩු වේ. ලාභ බලාපොරොත්තුවෙන් වියදම් කිරීමෙන් පාඩු සිදු වේ. කරගෙන යන කටයුතුවල යම් යම් වෙනස්කම් ඇති කරයි.

$ads={2}

කරදර අඩුවේ - තුලා

අධික වියදම් ඇති වේ. විවාහය සම්බන්ධ යෝජනාවලට ගැටලු මතු කරයි. උසස් අයගේ ආධාර උපකාර හිමිවේ. වෙළෙඳ ව්‍යාපාරවල නිරත අයට විශේෂ දියුණුවක් ලැබේ. සතුරු කරදර මර්දනය වේ.

මකර - තනතුරුවලින් පහළට

මුදල් අගහිඟතා ඇති වේ. ස්ථාන හෝ පදිංචියේ වෙනසක් සිදු විය හැක. ගෙදරදොර වාසය අප්‍රිය වේ. අනුමානයට කරන කටයුතුවලින් පාඩු සිදු වේ. තනතුරුවලින් පහළ යෑමක් පෙන්වයි.

සිතේ සතුට - වෘෂභ

තත්ත්වය උසස් වේ. සිතේ සතුට ඇති වේ. රජයෙන් හෝ රැකියා ස්ථානයෙන් ගෞරව සැලකිලි ලැබේ. ඥාති මිත්‍රාදීන්ගේ උපකාර හිමි වේ. තරග විභාගවලින් ජයග්‍රහණ ලැබේ. වෙළෙඳ කටයුතුවලින් ලාභ උපයයි.

රැකියා උසස්වීම් - සිංහ

මුදල් ලැබීම අතින් ශුභදායකයි. රැකියා කටයුතුවලින් උසස්වීම් හිමියි. මිත්‍රයකු හෝ හිතවතකු ගැන අශුභ ආරංචියක් ලැබේ. විවාහ යෝජනා ස්ථිරත්වයට පත් වේ. විදෙස් අධ්‍යාපන කටයුතුවලට ශුභයි.

වෘශ්චික - වියදම් ඉහළයි

අහංකාර ගති ඉස්මතු වේ. වාසස්ථාන පිළිබඳ වෙනස්කම්වලට ඉඩ පවතී. අස්ථානගත චෝදනාවලට ලක් වේ. කාර්යබහුල දිනයකි. සිතේ බයක් ඇති වේ. වියදම් පක්ෂය ඉහළ යයි. ආගමික කටයුතුවල යෙදේ.

කුම්භ - ව්‍යාපාර ලාභ

දියුණුවට කටයුතු සැලසේ. අතහැර දමා තිබූ කටයුතු නැවත අරඹයි. වෙළෙඳ ව්‍යාපාරවලින් ලාභ උපයයි. අලංකාර දේ මිලට ගනී. සතුරන් පරාජය වේ. අලුතින් ආරම්භ කරන කටයුතු දියුණුවට පත් වේ.

මිථුන - වියදම් අධිකයි

වියදම් අධිකයි. නොතේරුම්කමින් පාඩු සිදුකර ගනී. ඥාතීන් සමග කටයුතු කිරීමේදී කල්පනාකාරී වන්න. විවාහ ජීවිතයේ ගැටලු මතු වේ. සතුරු කරදර ඉස්මතු කරයි. අභියෝග භාරගෙන ඒවායින් ජය ගැනීමේ හැකියාව ලැබේ.

කන්‍යා - අධ්‍යාපනයෙන් ජය

ආදායම් අතින් තරමක් ශුභදායකයි. අධ්‍යාපන කටයුතුවලින් ජයග්‍රහණ ලබා ගත හැක. උසස් පුද්ගලයන්ගේ දෝෂාරෝපණ එල්ල වේ. නීති විරෝධී වැඩවලට සිත යොමු වේ. අසතුටුදායක ආරංචි ලැබේ.

ධනු - වංචාවලට හසුවේ

හිතුවක්කාරී ගති ඇති වේ. අනවශ්‍ය ලෙස මුදල් වියදම් කරයි. පවුලේ අය අතර මත ගැටුම් හට ගනී. වංචා ප්‍රයෝගවලට හසු වේ. භාරගෙන කරන කටයුතුවලින් පාඩු සිදු වේ. ගොවිතැන් කටයුතුවලින් පාඩු උරුමයි.

මීන - සුළු සුළු ලාභ

සුළු සුළු ලාභ හිමියි. අදහස් ඉෂ්ට වේ. මහන්සි වී වැඩකටයුතු කරයි. පවුලේ අය සමග අවුල් මතු වේ. නීතියේ පිහිට පැතීමට සිදුවන කරුණු යෙදේ. දේපළ සම්බන්ධ ගැටලු මතු වේ. රහසිගත සබඳතාවලට යොමුවිය හැක.

Post a Comment (0)
Previous Post Next Post