වැඩ තහනමට ලක්ව සිටින පොලිස් කොස්තාපල්වරයකු සපයනු ලබන කේරළ ගංජා අලවියේ නිරතවූ රූමත් තිදරු මවක් කේරළ ගංජා ග්‍රෑම් සියයක ප්‍රමාණයක් සමග අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් පෙරේදා (20දා) උදෑසන සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
අනුරාධපුර පොලිස් වසමේ විජයපුර භාතිය මාවතේ පදිංචිව සිටින 43 හැවිරිදි තිදරු මවක තෝරගත් තරුණයන් පිරිසකට ගංජා අලවි කරන බවට අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බණ්ඩාර විජේකෝන්ට ලැබුණු තොරතුරක් මත වැටලීම කර තිබුණි.
$ads={2}
ගැනුම්කරුවන් දුරකථනයෙන් ගංජා ඇණවුම් කළ විට ගංජා පැකට් ඉණේ සඟවාගෙන ඇය අවශ්‍ය ස්ථානයකට පැමිණ අලවි කරන බව පොලිසිය පවසයි.
මහ පරිමාණ ගංජා ජාවාරම් සිදුකිරීම සම්බන්ධයෙන් මීට පෙර පොලිස් අත්අඩංගුවට පත්වීම නිසා තාවකාලික වැඩ තහනමකට ලක් වූ පොලිස් කොස්තාපල්වරයකු සිය සැමියාට ගංජා ලබාදෙන බව ඇය පවසා තිබුණාය.
සැකකාරියගේ සැමියා ගංජා ජාවාරම මෙහෙයවන බවත් කාන්තාව ගංජා ප්‍රවාහනය කරමින් අලෙවි කරන බවත් පොලිසිය පවසයි.
-බුද්ධික මහේෂ් - අනුරාධපුර