ආබාධිත සෙබළ පෙම්වතාගේ මළ සිරුර අනුරාධපුරේ හෝටලයක


අනුරාධපුර නිවත්තක චේතිය විදුහල ආසන්නයේ හෝටල් කාමරයක තිබී ආබාධිත හමුදා සෙබළකුගේ මළ සිරුරක් සොයා ගෙන තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ ගම්පහ කිරිඳිවැල ප්‍රදේශයේ පදිංචිව සිටි 36 හැවිරිදි, පාදයක් අහිමි වූ යුද හමුදා සෙබළකු බව පොලිසිය කියයි.

මෙම සෙබළා අනුරාධපුර මාතලේ හන්දිය ප්‍රදේශයේ පදිංචිව සිටින තම පෙම්වතියගේ නිවෙසට පසුගියදා පැමිණ ඇති බවත් ඉන් අනතුරුව මෙම හෝටලයට ගොස් පෙම්වතියගේ සහෝදරයන් දෙදෙනකු සමග මත්පැන් පානය කර තිබෙන බවත් වැඩිදුර විමර්ශනයේදී හෙළිව ඇත.

$ads={2}

අධික ලෙස මත්පැන් පානය කිරීමෙන් අනතුරුව මත් වී සිටි තම නැගණියගේ පෙම්වතා හෝටල් කාමරයක් තුළ නිදි කරවා එයින් පිටව ගිය බව පෙම්වතියගේ සහෝදරයෝ දෙදෙනා කියා සිටියහ.

මරණකරු නවාතැන් ගෙන සිටි හෝටලයේ සේවකයකු ඊයේ (21 වැනිදා) කාමරයේ දොරට තට්ටු කළත් ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් උදෑසන නවයට පමණ කාමරයේ දොරගුළු විවෘත කළ අවස්ථාවේ මෙම පුද්ගලයා ඇඳ මත මිය ගොස් සිටි බව දැන ගැනීමෙන් අනතුරුව පොලිසියට පැමිණිලි කිරීමට කටයුතු කර තිබේ.

-බුද්ධික මහේෂ් විජේසූරිය-අනුරාධපුර
Post a Comment (0)
Previous Post Next Post