“යර්ස් සර්, යර්ස් සර්, ත්‍රී බෑග්ස් ෆුල්.. අනෙක් ටික මතක තියා ගන්න... ” යැයි කියමින් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ පෙරේදා (20 වැනිදා) අයවැය විවාදයට එක්වෙමින් අමුතු ආකාරයේ කතාවක් කළාය. කතාව අතරතුර සිනාසුණූ ඇය විටෙක හැඟීම්බර වූවාය. සභාවේ සිටි පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරු කතාවට සාවධානව සවන් දුන්නා මිස කිසිවකු ඇයට බාධා නොකළහ. “ මා තමයි දකුණු පළාත නියෝජනය කරන එකම කාන්තාව. මම 2015දී පාර්ලිමේන්තුවට ආවේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින්. එදා ඒකාබද්ධ විපක්ෂයේ සිටියේ කාන්තා මන්ත්‍රිවරියන් තිදෙනෙක් පමණයි. (ජවිපෙ මන්ත්‍රිවරුන් තිදෙනා පෙන්වමින්) හරියට මේ සීයට තුන වගේ. එදා අම්පාරෙන් ආ මන්ත්‍රිවරිය, අම්පාරේ සඳ වගේ බැසගෙන ගියා. රත්නපුරේ මැණිකක් එහෙමම ඇමැතිකමක් අරගෙන පාස්වුණා. ඉතිරි වුණේ මං විතරයි.
$ads={2}
එදා ඒකාබද්ධ විපක්ෂයට මේ පාර්ලිමේන්තුවේ බඳින්න කළු පටියක් ගේන්න කෙනෙක් හිටියේ නැහැ. ඒක ගෙනාවෙත් මම විතරයි. ගොඩාක් අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගියා. මටත් කතා කළා. මම අදත් ඒකට ස්තූතිවන්ත වෙනවා. 2010දී දේශපාලනයට ආවේ සාගර කාරියවසම් සහ මා එදා බෙන්තර ඇල්පිටියෙන් තරග කරලා. එදා ඒකාබද්ධ විපක්ෂයේ පනස් තුන් දෙනෙක් හිටියා. පනස් තුන්වැනියා මම. ඒ පනස් දෙදෙනෙක් අද ඇමැතිවරු. මම තවමත් පිටුපස්සේ ඉන්නවා. ඔන්න ඔහොමයි සීයට තුනේ කාන්තාවට සලකන්නේ.”