දෙයියන්ට රන් තැටිය දුන්නේ අපලෙන් බේරෙන්න - අංගොඩ ලොක්කාගේ බිරිඳ කියයි


කතරගම දේවාලයට රන් තැටියක් පූජා කළේ දරුවාගේ අපලයක් වෙනුවෙන් යැයි ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවකුව සිට ඉන්දියාවේදී මියගිය අංගොඩ ලොක්කාගේ බිරිය කොළඹ අපරාධ කොට්ඨාසය හමුවේ ඊයේ (08 වැනිදා) ප්‍රකාශ කර ඇත.

කතරගම දේවාලයේ රන් තැටියක් අතුරුදන් වීමට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසය කරන ලද විමර්ශනවලට අනුව මැය ඊයේ (8 වැනිදා) අපරාධ කොට්ඨාසය වෙත කැඳවා පැය තුනක කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනිණි. මෙම රන් තැටිය 2019 වසරේ ජූලි මාසයේදී කතරගම දේවාලයට පූජා කර ඇත්තේ ඇය බවට විමර්ශන මගින් අනාවරණය වී තිබුණි. 

Post a Comment (0)
Previous Post Next Post