නිල්වලා හා ගිං ගඟ යන ගංගා සහ අත්තනගලු ඔයෙහි ජල මට්ටම ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
එම දෙපාර්තමේන්තුව කියා සිටියේ, මේ හේතුවෙන් අදාළ ගංගා අවට වෙසෙන පහත්බිම්වල ජනතාවට මේ පිළිබඳව අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙසයි.
මේ අතර,පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මහඔය පිටාර ගලා, ප්‍රදේශ කිහිපයකට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
මහඔය පිටාර ගැලීමෙන් ගිරිඋල්ල, වරදගොල්ල,නාල්ල, දිවුල්දෙණිය, වැලිහින්ද, අලව්ව, මීරිගම, පන්නල, වෙන්නප්පුව,මීගමුව හා කටාන යන ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති වීමට ඉඩකඩ ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ