පාර්ලිමේන්තුවට බෝම්බ ගෙනා මන්ත්‍රීවරු කව්ද? [VIDEO]


පාර්ලිමේන්තුවට පිවිසීමේ දී මන්ත්‍රීවරුන්ගේ ඇඟපත අතගා පරික්ෂා කිරීමට තීරණයක් ගෙන තිබෙන්නේ කවුරුන් හෝ බෝම්බයක් වත් ගේනවා  කියා  බුද්ධි තොරතුරක්වත් ලැබුණු නිසා දැයි ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා(සජබ) පාර්ලිමේන්තුවේ දී විමසීය.

“පක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණයක් යැයි  කියා අපගේ මේසය මත ලියැවිල්ලක් තබා තිබෙනවා. ආරක්ෂාව වැඩි කිරීම සඳහා මන්ත්‍රීවරුන්ගේ ශරීරය පරික්ෂා කරන බව එහි සඳහන්ව තිබෙනවා.

ලෝකයේ නවීන තාක්ෂණ ක්‍රම තියෙනවා. කොහේවත් ශරීරය අතපත ගා බලන්නේ නැහැ.ඇඟ අතපත ගාන්නේ නැතිව පරික්ෂා කරන්න ක්‍රමවේදයක් ඇති විය යුතුයි. පාර්ලිමේන්තුව උත්තරීතර තැනක්.එකවර මෙවැනි පියවරක් ගන්නේ කවුරුන් හෝ බෝම්බයක් ගේනවා යැයි කියා බුද්ධි තොරතුරක්වත් තියෙනව ද? එසේ නම් අපත් ඒ ගැන දැනුවත් විය යුතුයි.මේවා හංගාගෙන කරන්න එපා”.

සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා:-

මේ ආරක්ෂාව සඳහා කතානායකතුමා  ගෙන තිබෙන තීරණයක්. ඒ ගැන අවධානය යොමු කරන්නම්.

 
-maw rata
Post a Comment (0)
Previous Post Next Post