''දෙයියෝ අපිට කංසා දීලා තියෙනවා. කංසා වාණිජ බෝගයක් කරමු'' - ඩයනා


රට තුළ පැවති තේ, රබර්, පොල් යන වාණිජ බෝගවලින් මේ වන විට රටට නිසි ආදායමක් නොලැබෙන බැවින් වාණිජ බෝගයක් ලෙස රාජ්‍ය අනුග්‍රහයෙන් කංසා වගා කිරීම සුදුසු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය මුදල් අමාත්‍යවරයා වෙත යෝජනාවක් කළාය.

එම ශාකයට මත්ද්‍රව්‍යයක් ලෙස පවතින තහනම එලෙස ම තවදුරටත් තිබියදී ඖෂධයක් ලෙස කංසා ශාකයෙන් අපනයන ආදායම් ඉපයිය හැකි බව ඇය අද (නොවැ.16) පාර්මේන්තුවේදී පැවසීය.

රෝග රැසකට මෙයින් සුවය ලැබීම, රූපලාවණ්‍ය ඇතුළු නිෂ්පාදන සැකසිය හැකි බව සහ ඉන් ව්‍යවසායකයින් රැසක් බිහි කළ හැකි බව ද ඇය පෙන්වා දුන්නා ය.

එබැවින් 1800 වසරේ බ්‍රිතාන්‍යයන් විසින් ගෙන එන ලද කංසා සම්බන්ධ පනත සංශෝධනය කිරීමට අධිකරණ අමාත්‍යවරයාගේ අවධානය යොමු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

$ads={2}

"මම මුදල් ඇමතිතුමාට යෝජනාවක් ගේන්න කැමතියි. අද අපේ රටේ වාණිජ බෝගයක් නෑ. අපට තේ, රබර්, පොල් තිබ්බා කාලයක්. අද පොල් අපිට පිටරටින් ආනයනය කරනවා. හේතුව පොල් ඉඩම් කට්ටි කරලා විකුණනවා. තේ බ්‍රිතාන්‍ය ජාතිකයින් මාර්කට් කළා. පසු කාලේ සිලෝන් ටී නමින් ඉහළ ම තත්ත්වයෙන් අපි අපනයනය කළා. අද චීනය, කෙන්යාව ඒකෙන් විදේශ විනිමය උපයනවා. අද අපට වාණිජ ‌බෝගයක් ඉතිරි වෙලා නෑ. නමුත් දෙවියෝ අපට දීලා තියෙනවා බෝගයක්. ඒ තමයි කංසා. මම යෝජනා කරනවා රට තුළ රජයේ අනුග්‍රහයෙන් කංසා වගා කළ යුතු යි. ලංකාව ඝර්ම කලාපීය රටක් වන බැවින් අපට අපනයනය කර විදේශ විනිමය ලබාගත හැකියි. අපි යන්න ඕනේ නෑ IMF එකට සල්ලි ගන්න. 

1961 අංක 31 දරන ආයුර්වේද පනතේ 8 වන වගන්තිය අනුව ඖෂධ සඳහා පමණක් කංසා වගා කිරීමට ආයුර්වේද කොමසාරිස්වරයාට බලය ලබාදීලා තියෙනවා. මේක මත්ද්‍රව්‍යයක් ලෙස තහනම් උත්තේජකයක් ලෙස පවතිද්දී මෙයින් විදේශ විනිමය උපයාගත හැකියි."

Post a Comment (0)
Previous Post Next Post