බඩල් කුඹුර පස්සර ප්‍රධාන මාර්ගයේ අලුපොත ප්‍රදේශයෙන් හමුවූ හිස් කබල මෙයට මාස 08 කට පෙර කොළඹ වේල්ලවීදියේදී ගමන් මල්ලකින් හමුවූ හිස නොමැති කාන්තා මළ සිරුරේ හිස දැයි තහවුරුකර ගැනීමට විමර්ශන පැවැත්වෙන බව පොලීසිය සදහන් කරයි.
එම ඝාතනයට සම්බන්ධ පොලිස් නිලධාරියාගේ නිවසේ සිට කිලෝ මීටර් 10 ක් පමණ දුරක කැළෑබද ප්‍රෙද්ශයක තිබී මෙම හිස හමුවී ඇති බව පොලීසිය සදහන් කරයි.
හිස බොහෝ සේ දිරිපත්ව ඇති බැවින් එය මාස අටකට වඩා පැරණි බව විශ්වාස කරන බවත් පැහැදිලිවම එය කහවුරුකර ගැනීමට හැකියාව ලැබෙන්නේ අධිකරණ වෛද්‍යවරයෙකු විසින් කරනු ලබන විමර්ශනයකින් අනතුරුව බවත් උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කළේය.
මෙම හිස කාන්තාවගේද නැතිනම් පිරිමියෙකුගේද යන්න පිළිබද ගැටළුවක් පවතින බවත් පිරිමින්ගේ හිස කබලේ ඇස් කොටස හතරැස්ව විශාල ලෙස පිහිටියත් කාන්තාවන්ගේ ඇස් කොටස එසේ පිහිටන්නේ නොමැති බවත් එම නිලධාරියා කීය. බැලූ බැල්මටනම් මෙම හිස පිරිමි පුද්ගලයෙකුගේ ලක්ෂණ පෙන්නුම්කරන බවද එම නිලධාරියා කීය.
අදාල හිස් කබල හමුවූ ස්ථානයට ආසන්නයේ සුසාන භූමියක් ඇති බවත් එම සුසාන භූමිය අසලින් මෑතකදී මාර්ගයක් ඉදිකිරීමට සංවර්ධන කටයුත්තක් සිදුව ඇති බවත් සදහන්ය.
කෙසේ වෙතත් මෙම හිස සම්බන්ධයෙන් විද්‍යාත්මක විමර්ශනයක් පවත්වා අනතුරුව ඩී.එන්.ඒ පරීක්ෂණයක් සදහාද යොමු කිරීමට බලාපොරොත්තුවන බව එම නිලධාරියා වැඩිදුරටත් කීය.