කේරළ ගංජා කිලෝග්‍රෑම් හතරයි ග්‍රෑම් 700 ක් ළඟ තබාගෙන සිටි 17 හැවිරිදි පාසල් සිසුවෙක් පෙරේදා (02දා) මන්නාරම නගරයේදී අත්අඩංගුවට ගත් බව මන්නාරම පොලිසිය පවසයි.
මන්නාරම පොලිස් අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මන්නාරම, මූර් වීදිය ප්‍රදේශයේදී කේරළ ගංජා සන්තකයේ තබාගෙන සිටි අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු කුමන ක්‍රියාවක් සඳහා ගංජා සන්තකයේ තබාගෙන සිටියේද යන්න සොයා පරීක්ෂණ පවත්වන බවද පොලිසිය පවසයි. මීට අමතරව මන්නාරම යුද හමුදා බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරක් මත මන්නාරම කල්ලඩි ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 665 ක් ළඟ තබාගෙන සිටි 46 හැවිරිදි සැකකරුවෙකුද 01 වැනිදා අත්අඩංගුවට ගත් බවද පොලිසිය සඳහන් කරයි.
සැකකරුවන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධීන් සම්බන්ධයෙන් මන්නාරම කොට්ඨාශ භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි පණ්ඩුල වීරසිංහගේ උපදෙස් පරිදි මන්නාරම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
-මාධව කුලසූරිය- වවුනියාව