රටේ කොහේවත් ගෑස් ටැංකි පුපුරලා නැහැ : අනතුරුවලට හේතුව නොසැලකිල්ල - රාජ්‍ය ඇමැති ලසන්ත


ඉකුත් දින කිහිපයේ දී ප්‍රදේශ රැසක සිදු වූ ගෑස් අනතුරුවලට හේතුව ගෑස් සංයුතිය වෙනස් වීම හේතුවෙන් සිලින්ඩර පුපුරා ගිනි ගැනීම් සිදු වී ඇති බවට සමාජයේ කතාබහක් නිර්මාණය වී තිබුණි.

නමුත් එම ගෑස් අනතුරු සියල්ල සිදු වී ඇත්තේ ගෑස් සිලින්ඩර පුපුරා යාමෙන් නොව, ජනතාවගේ නොසැලකිල්ල හේතුවෙන්, ගෑස් කාන්දුවීමෙන් ගිනි ගැනීම් ඇති වී සිදු වූ අනතුරු බව රජයේ ජ්‍යෙෂ්ඨ සහකාර රස පරීක්ෂක රුෂාන් ප්‍රනාන්දු, මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසීය.

පසුගිය දිනවල සිදු වූ ගෑස් අනතුරු සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා පැවැති මාධ්‍ය හමුවේ දී රාජ්‍ය ඇමැතිවරයා මෙසේ ද පැවසීය.

‘‘ජනතාව භාවිත කරන එල්.පී. ගෑස්වල ප්‍රමිතිය ගැන පාරිභෝගික අධිකාරිය ගැසට් නිවේදන රැසක් නිකුත් කර තිබෙනවා. නමුත් ඉතිහාසයේ සිටම ගෑස් අනතුරු රැසක් සිදු වී තිබෙනවා. සාමාන්‍යයෙන් වසරකට ගෑස් අනතුරු 10ක් පමණ වාර්තා වෙනවා.

ගෑස්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් ඉදිරි සති දෙක ඇතුළත තවදුරටත් නීති රීති පනවන බව සඳහන් කළ රාජ්‍ය ඇමැතිවරයා නිවැරැදි ගෑස් භාවිතය පිළිබඳ සෑම නිවසක්ම දැනුවත් කිරීමට වැසටහන් දියත් කරන ලෙස ගෑස් සමාගම්වලට දැනුම් දුන් බවද පැවසීය.

පසුගිය දිනවල ප්‍රදේශ රැසක සිදු වූ ගෑස් අනතුරු සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විශේෂ පරීක්ෂාවක් කළ බවද රජයේ ජ්‍යෙෂ්ඨ සහකාර රස පරීක්ෂක රුෂාන් ප්‍රනාන්දු පැවසීය.

ලිට්‍රෝ සමාගම වසරකට ගෑස් සිලින්ඩර ලක්ෂ 350ක් පමණ නිකුත් කරන බවත් ඒ අතරින් අනතුරු 05ක් හෝ 06ක් වාර්තා වී ඇති බවත් රාජ්‍ය ඇමැතිවරයා මෙහි දී වැඩිදුරටත් පැවසීය. ලාෆ් සමාගම 2015 වසරේ සිට නිකුත් කළ ගෑස් සිලින්ඩරවලින් නිවෙස්වල අනතුරු 12ක්, ව්‍යාපාරික ස්ථානවල අනතුරු 09ක්, ගෑස් අලෙවි නියෝජිත ආයතනවල අනතුරු 02ක් සිදු වී ඇතැයි ද පැවසීය.

$ads={2}

නිවෙස්වල විදුලි පරිපථ සම්බන්ධයෙන් වඩාත් සැලකිලිමත් වන ලෙසද ජ්‍යෙෂ්ඨ සහකාර රස පරීක්ෂකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ඇතැම් නිවෙස්වල එල්ලෙන වයර්, ගෑස් සිලින්ඩර සමීපයේ තිබූ බවත්. ඒවායින් නිකුත් වන විදුලි පුලිඟු හේතුවෙන් පිපිරීම් සිදු වී තිබූ බවත් සඳහන් කළ ජ්‍යෙෂ්ඨ සහකාර රස පරීක්ෂකවරයා, පැරැණි ශීතකරණ, ගෑස් සිලින්ඩර සමීපයේ තැබීමෙන් මෙවැනි අනතුරු සංඛ්‍යාව ඉහළ යා හැකි බවද පැවසීය.

උදෑසන අවදි වී මුළුතැන්ගෙයට යන විට සුපුරුදු ගන්ධය වෙනුවට වෙනත් ගන්ධයක් වහනය වේ නම් ඒ පිළිබඳ වඩාත් සැලකිලිමත් වන ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටි ජ්‍යෙෂ්ඨ සහකාර සර පරීක්ෂක රුෂාන් ප්‍රනාන්දු, ගෑස් සිලින්ඩරයේ බටය, ඊට අදාළ උපාංග කෙරෙහි නිරන්තර පරීක්ෂාවෙන් සිටින ලෙසද දැනුම් දුන්නේය.

ගෑස්වල සංයුතිය පිළිබඳව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පරීක්ෂා කිරීම් නොකරන බවද ජ්‍යෙෂ්ඨ සහකාර රස පරීක්ෂකරවයා වැඩිදුරටත් පැවසීය.

Post a Comment (0)
Previous Post Next Post