අද දවසේ ලග්න පලාපල - 2021 නොවැම්බර් මස 26 වන සිකුරාදා


මේෂ - වියදම් අධිකයි

එතරම් යහපත් දිනයක් නොවේ. අධික වියදම් ඇති කරයි. අන් අයගේ කටයුතු නිසා නිතර බයෙන් ජීවත් වීමට සිදුවේ. දරුවන් නිසා සිත් තැවුල් ඇති වේ. බාල සහෝදර සහෝදරින්ගෙන් වාසියක් සිදුවිය හැක.

කටක - රජයෙන් සැලකිලි

වාසනාවන්ත දිනයකි. ඥාතීන් මිතුරන් සමග ප්‍රීතියෙන් කාලය ගත කරයි. සිතට කයට සැනසිලිදායක ගතියක් ඇති කරයි. උසස් අයගෙන් උදව් උපකාර ලැබේ. රජයේ උසස් නිලධාරීන්ගෙන් සැලකිලි ලැබේ.

තුලා - සුළු ලාභ

සුළු වශයෙන් හෝ නිතරම ලාභ ප්‍රයෝජන ඇති කරන දිනයකි. බලාපොරොත්තු ඉෂ්ට වේ. කරන කියන සියලු කටයුතුවලින් සාර්ථක ප්‍රතිඵල ලැබේ. අලුතින් ආරම්භ කරන කටයුතු සාර්ථක වේ. ප්‍රසිද්ධ ස්ථානවලට යාමට හැකි වේ.

$ads={2}

මකර - මුදල් ලාභ

මිල මුදල් ලාභයක් උරුමයි. සැපෙන් සතුටින් කාලය ගත වේ. මිත්‍ර ආශ්‍රයක් ද ඔවුන්ගෙන් විශේෂ ආධාර ද ලැබේ. විවාහයෙන් කිසියම් ලැබීමක් පෙන්නුම් කරයි. නිවාස පිළිසකර කිරීමක් හෝ අලුත්වැඩියාවක් සිදු වේ.

වෘෂභ - ආගමට නැඹුරු වේ

වියදම් අධිකයි. තම ගෞරවයට ගැටලු මතු විය හැක. වෙනත් පුද්ගලයන් කළ යුතු වැඩ තමාට කිරීමට සිදු වේ. දරුවන් නිසා කාලයත් ශ්‍රමයත් වැය වේ. ආගමට දහමට නැඹුරු වේ.

සිංහ - කරදර සහිතයි

අමුතු දෙයක් ගැන කැමැත්තක් ඇතිව කාලය ගත වේ. ආගමික භක්තිය ශ්‍රද්ධාව සිත තුළ ඇති කරයි. එහෙත් මුදල් අතින් හිඟ වේ. කුඩා දරුවන් නිසා කරදර සහ ඔවුන් නිසා සිත් තැවුල් ඇති කරයි. කරදර සහිත දවසකි.

වෘශ්චික - සිත් තැවුල්

යම් යම් දේවල් සම්බන්ධයෙන් හිතේ දුක ඇති වන දිනයකි. ආදර සම්බන්ධයක් නිසා හෝ විවාහය නිසා බලාපොරොත්තු කඩවීමක් ඇති වේ. නිතර සිත් තැවුලෙන් සිටී. නින්දා අපහාස චෝදනාවලට ලක් විය හැක.

කුම්භ - හිතුවක්කාර ගති

සමාජයෙන් ඈත්ව නිදහසේ කාලය ගත කිරීමට උත්සාහ කරන දිනයකි. නියමිත වේලවට අහාරපාන ගැනීම මගහැරේ. දරු දැරියන්ට අපලදායක දිනයකි. ඔවුන්ගේ හිතුවක්කාර ගති නිසා සිතට කරදරකාරී බවක් ඇති කරයි.

මිථුන

ගෞරවයට හානි සිදුවිය හැක. තමා විසින්ම කරගන්නා කටයුත්තකින් පාඩුවක් සිදු වීමට ඉඩකඩ තිබේ. කල්පනාකාරී විය යුතු දිනයකි. රැවටීම්, මුළාවීම්වලට හසු විය හැකිය. ශරීරාබාධවලට ඉඩකඩ තිබේ.

කන්‍යා - සැනසිල්ල උදා වේ

බලාපොරොත්තු ඉෂ්ට වේ. සැනසිලිදායක දිනයකි. රැකීරක්ෂා කටයුතු උත්සාහවන්තව සිදු කරයි. මවගෙන් හා මව් පාර්ශ්වයෙන් උපකාර ලැබේ. එසේම වංචා ප්‍රයෝගවලට හසුවීමට ද ඉඩකඩ තිබේ.

ධනු - සහකරුට අසනීප

කේන්තිය පාලනය කළ යුතු දවසකි. සහකරුට හෝ සහකාරියට අසනීප ගති මතු කරයි. කරගෙන යන කටයුතුවලට බාධා ඇති විය හැක.. පියාට හෝ පවුලේ වැඩිහිටියකුට කරදර ඇති විය හැක.

මීන - නිෂ්ඵල ගමන්

ධෛර්යයෙන් වැඩ කටයුතු සිදු කරන දිනයකි. කේළාම්වලට අසුවීමේ ඉඩකඩ පවතී. ගෙදරදොර ගැටලු ඇති විය හැක. සහකරු හෝ සහකාරිය සමග මත ගැටුම් හට ගනී. ප්‍රයෝජනයක් නැති අපහසු ගමන්බිමන් ද යාමට සිදු වේ.

Post a Comment (0)
Previous Post Next Post