''තුනෙන් දෙකේ බලය තියෙන්නේ අපේ අතේ'' - මෛත්‍රීගෙන් ආණ්ඩුවට රතු එළියක්


වත්මන් ආණ්ඩුවේ තුනෙන් දෙකක බලය රැඳී ඇත්තේ ''ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනාගේ අතේ'' යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

එබැවින් පක්ෂ අභ්‍යන්තරයේ ගැටුම් ඇති කිරීමට උත්සාහ දැරීමේදී ඇතිවිය හැකි ප්‍රතිඵල පිළිබඳව ත් තුනෙන් දෙකක බලය සම්බන්ධයෙනු ත් මීට වඩා බුද්ධිමත්ව සිතා කටයුතු කළ යුතු යැයි ඔහු අවධාරණය කළේ ය.

මැතිවරණයට පෙර සහය ගත් පක්ෂ සමග අභ්‍යන්තර ගැටුම් ඇති වන ආකාරයෙන් කටයුතු කිරීම හේතුවෙන් ඇති විය හැකි ප්‍රතිඵල පිළිබඳව මීට පෙර පැවති ආණ්ඩු මගින් ආදර්ශ සපයා ඇතැයි ද ඔහු පැවසීය.

එබැවින් ''ගහගන්න ගියො ත් මොන මොන තුවාල ඇති වෙයි ද කියන එක ප්‍රශ්නයක්'' යනුවෙන් ද ඔහු සඳහන් කළේ ය.

$ads={2}

"මම ආදර්ශයක් දුන්නා මට කලින් හිටපු ජනාධිපතිවරු වියදම් කරපු හැටි ගැන. වාහන, පාව්ච්චි කරපු හැටි ගැන, ගුවන් යානා යෝකර් මේ පාවිච්චි කරපු හැටි ගැන. ආදර්ශයක් දුන්නා මම 2015 ඉඳලා. ඒ නිසා ගහගන්න ගියොත් කිව්වානේ ඕනෑ නම් ගහගන්න අපිත් ඉන්නවා කියලා. ගහගන්න ගියො ත් මොන මොන ගුවාල ඇති වෙයි ද කියන එක ප්‍රශ්නයක්. 

1947 ඉඳන් මේ රටේ ආණ්ඩු බලයට පත්වෙච්ච පළවන මැතිවරණයේදී පක්ෂ සහයෝගය අරගෙන ඒ සහයෝගය අතරමග කඩා ගත්තා. බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව 64. බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව 75. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ 5/6 බලය දික් කරගන්න ගිහිල්ලා ජනමත විචාරණයක් තිබිලා අන්තිමට පක්ෂය ලලිත්, ගාමිණීගා යන්න ගිහිල්ලා අද වෙනකනු ත් එක්සත් ජාතික පක්ෂයට නැගිටගන්න බැරි තැනකට ආවා.

චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ කාලේ කට්ටියක් කඩාගෙන ගියා. ඒකෙන් ඒ ආණ්ඩුව නැතිවුණා. 2014දී මම සාධාරණ හේතු මත ආණ්ඩුවෙන් ඉවත් වෙලා පොදු අපේකෂකයා විදියට තරග කරනවා. ඒ ආණ්ඩු පරාජය වුණා.ඒක නිසා  2/3 බලය කියන එක පිළිබඳව සහ ආණ්ඩුවක් කිරීම පිළිබඳව මීට වඩා ගැඹුරින් සංකීර්ණව ප්‍රබුද්ධව සහ බුද්ධිමත්ව හිතන්න ඕනේ. මීට වඩා බහුශ්‍රැත විදියට හිතන්න ඕනේ. ආණ්ඩුවේ 2/3 තියෙන්නේ ත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 14 දෙනා අතේ. ඒ නිසා ගහගත්තා ම ඊළඟට එන ප්‍රතිඵලය මීට කලින් ආණ්ඩු ඔප්පු කරලා තියෙනවා. ආණ්ඩු ඇතුළේ ගහගත්තා ම මොක ද වෙන්නේ කියලා."

හිටපු ජනාධිපතිවරයාගේ ධූර කාලයේදී සිදු කළ වියදම් සහ වර්තමාන ජනාධිපතිවරයාගේ වාර්ෂික වැය ශීර්ෂය සමග සංසන්දනය කරමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත් ගමගේ මහතා හිටපු ජනාධිපතිවරයාට සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් අද (නොවැ. 25) පර්ලිමේන්තුවේදී ඔහු මේ බව සඳහන් කළේ ය.

Post a Comment (0)
Previous Post Next Post