ගම්පහ වතුරුගම ප්රදේශයේ පදිංචි 15 හැවිරිදි පාසල් සිසුවියක් පාසල් නිල ඇඳුමෙන් රාගම ප්රදේශයේ පදිංචි සිය පෙම්වතාගේ නිවසට පැමිණ සිටියදී රාගම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් අත් අඩංගුවට ගෙන ඇත.
පාසල් නිල ඇඳුමෙන් ත්රිරෝද රථයකින් පැමිණි සිසුවියක නිවසක සිටින බවට පොලිසියට ලද තොරතුරක් මත රාගම නිවසක් සෝදිසි කළ පොලිසිය බාලවයස්කාර සිසුවිය හා 19 හැවිරිදි ඇගේ පෙම්වතා මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත.
එම නිවස සෝදිසි කිරීමට යන විට සිසුවිය නිල ඇඳුම් හා සපත්තු මාරුකර වෙනත් බෑගයක දමා තිබිය දී පොලිසියට හසුවී ඇත.
$ads={2}
සිසුවියගෙන් කළ ප්රශ්න කිරීමේදී එදින පාසල් යන බවට පවසා නිවසින් පැමිණි බවත් පාසල් නොගොස් ගම්පහ සිට ත්රිරෝද රථයකින් පෙම්වතා සමග රාගම ඔහුගේ නිවසට පැමිණි බවත් ඇය ප්රකාශ කර ඇත.
සිසුවියගේ මාපියන්ද මේ පිළිබඳව දැනුවත් කර ඇති අතර බාල වයස්කාර දැරිය පරිවාස භාරයට පත්කිරීමට ඔවුන් එකඟතාව පළකර ඇත.
-එන්.එස්.විරත්න - කැලණිය