ප්‍රභාකරන් නෙල්සන් මැන්ඩෙලාට සහ මහත්මා ගාන්ධිට සම කරමින් ඔහු වීරයෙක් බවද පවසමින් අකිල ඉලංගෙයි තමිල් කොංග්‍රසයේ මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් කළ කතාව හැන්සාඩ් ගත නොකර ඉවත් කරන ලෙසට ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරු ඊයේ (24 වැනිදා) පාර්ලිමේන්තුවේදී මුලසුනෙන් ඉල්ලා සිටියහ. මන්ත්‍රීවරයා කතාව කරන අතරතුර නැගී සිටි රාජ්‍ය ඇමැති සීතා අරඹේපොළ සහ මොහොමඩ් මුසම්මිල් මන්ත්‍රීවරයා ඇතුළු ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් මුලසුනට දැනුම් දුන්නේ තහනම් කළ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ත්‍රස්තවාදී නායකයා ජාතික නායකයෙක් බව පවසමින් ගජේන්ද්‍රන් මන්ත්‍රීවරයා දිගින් දිගටම කතා කළ බවය.
$ads={2}
මේ අවස්ථාවේ මුලසුනේ සිටි වේලු කුමාර් මන්ත්‍රීවරයා පැවැසුවේ ගජේන්ද්‍රන් මන්ත්‍රීවරයාගේ කතාවට බාධා කිරීමට තමන්ට අයිතියක් නොමැති බවය. මේ අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු මුලසුනට අප්‍රසාදය පළ කරමින් ඝෝෂා කළහ. කනායකවරයාට ඒ බව දැනුම් දෙන බව මුලසුනේ මන්ත්‍රීවරයා එවිට පැවැසුවේය. විපක්ෂයේ ද්‍රවිඩ මන්ත්‍රීවරු ගජේන්ද්‍රන් මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටිමින් මෙහිදී අදහස් දැක්වූහ.