බදුල්ල දිස්ත්‍රික් (පොජපෙ) මන්ත්‍රි ජානක තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රිවරයාට මානසික ආබාධයක් තිබේද කියා දැන ගැනීමට වෛද්‍ය පරික්ෂණයකට යොමු කරන ලෙස රත්නපුර දිස්ත්‍රික් (සජබ) මන්ත්‍රි තලතා අතුකෝරල ඊයේ (24දා) පාර්ලිමේන්තුවේදී මුලසුනෙන් ඉල්ලා සිටියේය.
මේ අවස්ථාවේ මුලසුනේ සිටි නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළේ මන්ත්‍රිවරියගේ ඉල්ලීම පිළිබඳ කථානායකවරයා දැනුවත් කිරීමට කටයුතු කරන බවය.
තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රිවරයාගේ සිද්ධිය තවම අවසන් නැතැයි කී මන්ත්‍රිවරිය කථානායකවරයා විසින් අදාළ මන්ත්‍රිවරයාට අවවාදයක් කරමින් තීරණයක් ප්‍රකාශ කළ මුත් තමන් එය පිළිනොගන්නා බවද ස්ථාවර නියෝග අනුව කථානායකවරයාගෙන් ඊට වඩා වැඩි දෙයක් බලාපොරොත්තු වන බවද කීවාය.
$ads={2}
කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කුට්ටිආරච්චි මන්ත්‍රිවරයා විසින් රෝහිණි විජේරත්න මන්ත්‍රිවරියට සභාවේදී කනගාටුව ප්‍රකාශ කරනවාද? එසේ නැත්නම් මන්ත්‍රිවරයාට මානසික ආබාධයක් තිබේද කියා සොයා බැලීමට සෞඛ්‍ය පරීක්ෂණයකට යොමු කරන ලෙසද තලතා අතුකෝරළ මන්ත්‍රිවරිය ඉල්ලා සිටියාය.
- තලතා අතුකෝරල
- අජිත් අලහකෝන්