ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය විසින් අයවැය යෝජනා ලෙස ලබාදුන් කිසිවක් මෙවර අයවැයේ සඳහන් නොවන බවත් අයවැය මගින් වාහන මිල අඩුකිරීමට කිසිදු පියවරක් නොගැනීම හමුවේ ඉදිරියේදී මෙරට වාහන මිල තවදුරටත් වැඩිවෙනු ඇතැයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා සඳහන් කරයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා මෙසේ අදහස් දැක්වීය.
“මගේ පුද්ගලික මතය නම් අයවැය මගින් වාහන මිල කිසිදු ලෙසකින් අඩු නොවීම නිසා ඉල්ලුම සැපයුම අනුව ඉදියේදී වාහන මිල වැඩිවේවි. ආනයනය කරන වාහන ප්‍රමාණය අඩුවීම තමයි මෙයට හේතුව. මේ නිසා, දිගින් දිගටම මිල වැඩිවීමක් වේ යැයි මම සිතනවා.
“මුදල් ඇමතිතුමා කිව්වා ඉදිරියේදී වාහන ආනයනය යළිත් යථාතත්ත්වයට පත් කිරීමේදී ප්‍රමුඛත්වය දෙන්නේ විදුලි වාහන වලට කියලා.“ යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.
අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්චාවකදී ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා මේ අදහස් පල කරන ලදී.
$ads={2}