මම තීරණයක් ගන්නවා..ඉන්නේ කලකිරිමෙන්..අයවැයෙන් ජනතාව පීඩාවට ලක් කරලා..කැබිනට් ඇමතිකමක් දෙනවා කියලා බොරු පොරොන්දු දුන්නා.


අද වන විට  රටේ ජනතාව  කොරෝනා උවදුරට වඩා  ජීවන බර  නැමැති උවදුරෙන්  පීඩා විඳින බව  පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසනවා.

එම ජීවන බරින් ජනතාව මුදා ගැනීමට  ලංකා සම සමාජ පක්ෂය විසින්  ආණ්ඩුවට  අයවැය යෝජනාවලියක් ලබා දුන්නත්  ඒ කිසිවක්   අයවැය ලේඛනයට ඇතුලත්  කර නොමැති බව  තිස්ස විතාරණ මහතා සඳහන් කරනවා .

ඒ නිසාවෙන්  ඉදිරිපත් වී ඇති අයවැය යෝජනා වෙන්  ජනතාව තව තවත් පීඩනයට ලක්වන බව  ඒ මහතා සඳහන් කරනවා.

තමාට කැබිනට් අමාත්‍ය ධුරයක්  ලබා දෙන බවට  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  පොරොන්දු වූ නිසා  තමන්  ආණ්ඩුකාර ධුරයෙන්  ඉල්ලා අස්වී  පාර්ලිමේන්තුවට පැමිණි බව  මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසනවා .

නමුත්  තමන්ට ලබාදුන් පොරොන්දුව  මේ වන විට ආණ්ඩුව කඩ කර ඇති බව පෙන්වා දෙන  තිස්ස විතාරණ මහතා  තමා දේශපාලන කලකිරීමකට ලක්ව ඇති බව  පවසනවා .

ඒ අනුව  තමා ඉදිරියේ දී  දේශපාලන තීන්දුවක් ගැනීමට  නියමිත බව ද  තිස්ස විතාරණ මහතා සඳහන් කරනවා

මේ  අතර තිස්ස විතාරණ මහතා වැඩි දුරටත්  සඳහන් කරන්නේ  තමාට වසංගත රෝගයන් පිළිබදව  මනා දැනුමක් ඇති බවත් එදා වසූරිය   රටින් තුරන් කරන්නට  තමාට හැකි වූ  නමුත්  අද කොරෝනා  උවදුරින්  රට මුදා ගැනීමට  ආණ්ඩුව තමන්ගේන් කිසිදු සහයක් ලබා නොගන්නා බවත්  සම සමාජ පක්ෂයේ නායක  පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසනවා .

$ads={2}

Post a Comment (0)
Previous Post Next Post