භාණ්ඩ මිල තවදුරට ත් ඉහළ යනු ඇතැයි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
ඊයේ (දෙසැ. 22) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, කොරෝනා වසංගත තත්ත්වයෙන් මිදෙන තෙක් ජනතාවට මෙම තත්ත්වයට මුහුණ දීමට සිදු වනු ඇති බව ය.
එබැවින් අකමැත්තෙන් වුව ද සියලු දෙනා රැකී ආර්ථිකය ද රැකෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි ඔහු පැවසී ය.
$ads={2}
"භාණ්ඩ මිල වැඩියි. තව ත් වැඩි වේවි. වසංගත තත්ත්වයෙන් බේරෙන තෙක් අපිට මේ දේවල්වලට මූණදෙන්න සිද්ධ වෙනවා. බුද්ධිමත් ජනතාවක් හැටියට අපි කල්පනා කරන්න ඕනේ අපිට සිද්ධ වෙනවා ම යි. මේවා අපි කැමැත්තෙන් කරන දේවල් නොවේ නේ. කවු ද කැමති භාණ්ඩ මිල වැඩි කරන්න. කවු ද කැමති තෙල් මිල වැඩි කරන්න. හැම ජන කොටසකට ම බලපාන දෙයක්. අකමැත්තෙන් වුව ත් අපි සියලු ම දෙනා ම රැකිලා ආර්ථිකය ත් රැකිලා යන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න වෙනවා."
ආණ්ඩුවට පවතින විදේශ සංචිත සම්බන්ධයෙන් මෙම අවස්ථාවේදී මාධ්‍යවේදියෙකු විමසා සිටියේ ය.
එහිදී ඔහු සඳහන් කළේ, විදේශ සංචිත අහිමි වුවහොත් ආණ්ඩුව විනාශ වන බැවින් ආණ්ඩුව ඉතා ම ත් දක්ෂ ලෙස විදේශ සංචිත හසුරුවාගෙන යනු ලබන බව ය.
-මව්බිම