දහහතර හැවිරිදි දැරියක රුපියල් පනස් දාහක මුදලට නොයකුත් පුද්ගලයන්ට විකුණ ඇගේ ඥාති සොහොයුරියක් සහ රුපියල් පනස් දහසකට දැරිය මිලදී ගත් මෝටර් රථ අලෙවි කොටස් විකිණීමේ යෙදෙන ව්යා්පාරිකයකු මරදාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
දැරියගෙන් ප්ර්ශ්න කිරීමේදී රුපියල් පනස්දාහ බැගින් ගෙවා ඇයගේ පහස ලබාගත් පුද්ගලයන් කිහිප දෙනකු ගැන තොරතුරු හෙළිවී ඇතැයි මරදාන පොලිසිය කියයි. සමහර පුද්ගලයන් ගැන ඇය තොරතුරු කිසිවක් දැන නොසිටින බව පොලිසිය කියයි.
රුපියල් පනස් දහසක මුදලකට දැරිය විකුණා මුදල් ලබාගන්නා ඥාති සොහොයුරිය ඇයට ඇඳුම් පැලඳුම් හා කෑම බීම රැගෙන දී ඉතිරි මුළු මුදලම ඤාති සොහොයුරිය ගන්නා බව මේ පිළිබඳව කළ විමසීමකදී මරදාන පොලිස් ස්ථානාධිපති ප්රිධාන පොලිස් පරීක්ෂක ඉශාන්ත කුමාර ඇපලකොටුව මහතා කීවේය.
$ads={2}
පොලිසිය පවසන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මුස්ලිම් කාන්තාව මෙම දැරියගේ ඥාති සොහොයුරියකි. දැරිය පාසල් යන වියේ පසුවන අතර ඇය කොළඹ බාලිකා විද්යාුලයක ඉගෙනුම ලබන බව මරදාන පොලිසිය කීය.මෙම ඥාති සොහොයුරිය දැරියගේ මවුපියන් දැනුවත්ව දැරිය නිවෙසින් රැගෙන ගොස් තිබේ. ඒ ඇයට ආදරය සෙනෙහස දක්වන බව අඟවමිනි.
මෙලෙස මවුපියන්ගේ අවසරය මත රැගෙන යන දැරිය යළි නිවෙසෙට ගෙනැවිත් ඇරලද්දී ඇයට කෑම බීම සහ ඇගේ නිවෙසටද කෑම බීම ගෙනැවිත් දීම මෙම ඥාති සොහොයුරිය පුරුද්දක් කරගෙන තිබේ.මේ නිසා දැරියගේ මවුපියන් මෙම ඥාති සොහොයුරිය ගැන සැකයක් උපදවාගෙන නැති අතර දැරියව රැගෙන යෑමටද ඥාති සොයොහොයුරියට ඉඩකඩ ලබාදී තිබේ.
මෙලෙස වසර දෙකකට ආසන්න කාලයක් මෙම ඥාති සොහොයුරිය දාහතර හැවිරිදි දැරිය මෙලෙස නිවෙසින් රැගෙන ගොස් ඇත. සමහර දිනවල දැරිය තම නිවෙසේ රඳවා ගන්නා බව කියමින් දින දෙක තුන ඥාති සොහොයුරිය සිය නිවෙසේ රඳවා තබා ගෙන තිබේ. කෙසේ වෙතත් මෑතක සිට දැරිය ඥාති සොහොයුරිය සමඟ නිවෙසින් පිටවී යෑමට අකමැත්ත පළකර තිබේ. ඇය මේ බව සිය මවුපියන්ටද දන්වා තිබේ. පසුව මවුපියන්ද දැරියගේ අකමැත්තෙන් රැගෙන යෑම ගැන
ඥාති සොහොයුරියට අකමැත්ත පළකර තිබේ. එහෙත් ඥාති සොහොයුරිය දැරිය බිය කරමින් යළිත් රැගෙන යෑමට උත්සාහා දරා ඇත. පසුව මෙම සිදුවීම මරදාන පොලිසියට දැනුම්දී ඇති අතර මරදාන පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශය විමර්ශන අරඹා ඇත. පසුව දැරිය ගෙනැවිත් ප්රපශ්න කිරීමේදී හෙළිවී ඇත්තේ දැරියට කෑම බීම ආදරය සෙනෙහස ලබාදෙන
මුවාවෙන් රැගෙන යන මෙම දැරිය ඥාති සොහොයුරිය විසින් නොයෙකුත් පුද්ගලයන්ට විකුණා ඇති බවය. බාලවයස්කාර දැරිය සමඟ වරක යහන්ගතවීමට ඥාති සොහොයුරිය එක් පුද්ගලයකුගෙන් රුපියල් 50,000ක මුදලක් අයකරගෙන ඇති බව පරීක්ෂ්ණවලදී හෙළිවී තිබේ. එලෙස ලබා ගන්නා මුදලින් ඥාති සොහොයුරිය
සුඛෝපභෝගී ජීවිතයක් ගතකර ඇතැයි පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් ග්රෑඇන්ඩ්පාස් ප්රිදේශයේ පදිංචි 32 හැවිරිදි ඥාති සොහොයුරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. එමෙන්ම දැරියගෙන් ප්රසශ්න කිරීමේදී දැරිය සමඟ මුලින්ම ලිංගිකව හැසිරී ඇති මෝටර් රථ කොටස් අලෙවි කරන ව්යාධපාරිකයාද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු 38 හැවිරිදි විවාහකයෙකි.
දැරිය මේ වන විට රෝහල් ගත කර ඇති අතර, ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් දැරියගෙන් ප්රොකාශයක් ලබාගනිමින් සිටින බවද මරදාන පොලිසිය කියයි.දැරියගේ ප්රකකාශය මත රුපියල් පනස්දාහ බැගින් ගෙවා දැරිය සමඟ ලිංගිකව හැසිරුණු ව්යානපාරිකයන්
හා පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ඉදිරි දිනවලදී කටයුතු කරන බව මරදාන පොලිසිය කියයි. සැකකාරිය හා සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
බස්නාහිර පළාත භාර ජේයතෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, කොළඹ දිසා භාර නියෝජ්යු පොලිස්පති ජගත් චන්ද්රයකුමාර, කොළඹ මධ්යතම කොට්ඨාසය භාර ජේය,ෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්තචන්ද්රලසේකර හා සහකාර පොලිස් අධිකාරි සෙනරත් යන මහත්වරුන්ගේ උපදෙස් මත මරදාන පොලිස් ස්ථානාධිපති ප්රහධාන පොලිස් පරීක්ෂසක ඉශාන්ත කුමාර ඇපලකොටුව මහතාගේ උපදෙස් මත මරදාන ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්රධධාන පොලිස් පරීක්ෂුක නන්දනී ප්රිමයංකා මහත්මිය ඇතුළු කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරති.
කීර්ති මෙන්ඩිස්(Mawbima)