ජවිපෙ සමග එක්ව ගමනක් යන්න අපිට පුළුවන්


ජනතා විමුක්ති පෙරමුණ සමග එක්ව ගමනක් යාමේ හැකියාව තම පක්ෂයට ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (22 වැනිදා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ජනතා විමුක්ති පෙරමුණ සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්වීම අලුත් තත්ත්වයක් ලෙස තමා නොදකින බව කී මහ ලේකම්වරයා සන්ධානයක් ගොඩනැගීමට අවශ්‍ය සියලුම ශක්තීන් මෙම පක්ෂ දෙක අතර පවතින බව ද පෙන්වා දුන්නේය.

$ads={2}

‘අද තිබෙන තත්ත්වය ඊටත් වඩා පැහැදිලියි. අද අපේ පක්ෂය ඇතුලේ දූෂිතයන් නැහැ. මිනීමරුවන්, මංකොල්ලකරුවන් නැහැ. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිරිසුදු පක්ෂයක් බවට පත්වෙලා තියෙනවා.’ යැයිද හෙතෙම කීවේය.

ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂයකට ඉතිහාසයට වඩා වර්තමානයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැනි පිරිසුදු පක්ෂයක් සමග එක්ව අනාගතය ගොඩනැගීමට වැඩි හැකියාවක් පවතින බවද ඔහු පැවසීය.

-නයන තරංග ගමගේ

Post a Comment (0)
Previous Post Next Post