ජනාධිපති ලේකම් පී .බී ජයසුන්දර මහතා සහ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහා පරිමාණ දූෂණ වංචාවලට සම්බන්ධ පුද්ගලයන් බවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරනවා .
පී. බී ජයසුන්දර මහතා සිදුකළ මූල්‍ය දූෂණ වංචා පිළිබඳව තමන් වසර ගණනක සිට දිගින් දිගටම හෙළි කළ ද ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක වී නොමැති අතර බැසිල් රාජපක්ෂ මහතාගේ ඉල්ලීම මත අද ඔහු ජනාධිපති ලේකම් ධුරයට ද පත්ව ඇති බව විජේදාස රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා .මේ අතර මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට ද දුෂණ වංචා රැසක් ඇති බව විජයදාස රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා."එහි දී සී අයි.ඒ ඔත්තුකරුවෙකු කිසිදු අනුමැතියකින් තොරව මහ ජනතාවගේ බදු මුදලින් කබ්රාල් මහතා වැටුප් ගෙවා ඇති බව විජයදාස රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා ..ඒ අනුව පී බී ජයසුන්දර මහතාට සහ අජිත් නිවාඩ් කබ්රාල් මහතා ට නීතිය ක්‍රියාත්මක නොවීම විමතියට කරුණක් බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ .
අද වන විට පවතින තත්වය යටතේ ජනාධිපතිවරයා තමන්ගෙන් බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලන
ඕනිම දෙයක් ඉටුකරන තත්ත්වයකට පත්ව ඇති බව විජයදාස රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා .ඒ අනුව බැසිල් රාජපක්ෂ මහතාගේ ඉල්ලීමට අනුව ජනාධිපතිවරයා විසින් ඉදිරියේ දී අග්‍රාමාත්‍ය ධුරය බැසිල් රාජපක්ෂ මහතාට ලබාදීමට කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.
බැසිල් රාජපක්ෂ මහතා "පොල් කඩන" මිනිහෙකු සමාන කර දක්වමින් විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ පොල් කඩන මිනිහෙකුට සිය කාර්යාලයේ වැඩ කටයුතු වැඩකටයුතු කිරීමට බාර දුන්නොත් එය කළ නොහැක්කා සේ බැසිල් රාජපක්ෂ මහතාට ද මුදල් අමාත්‍ය ධුරයේ හෝ අග්‍රාමාත්‍ය ධූරයරයෙ වගකීම ඉටු කිරීමට නොහැකි බවයි.
මේ අතර අයි.එස් . මතවාදී දරන්නන් තවමත් මෙරට තුළ සිටින බව පෙන්වා දෙන විජේදාස රාජපක්ෂ මහතා ඉදිරියේදී නැවත රට තුළ පිපිරීම් ඇති විය හැකි බව සඳහන් කරනවා.
මේ අතර අද රට චිනය ඉදිරියේ ණය උගුලක සිරවී ඇති බව විජයදාස රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා . චීනය ශ්‍රී ලංකාවට ණය ලබා දී ණය ගෙවා ගැනීමට නොහැකි වූ විට සමස්ත රටම ඔවුන් සතු කර ගනීමට ඉදිරියේ දී කටයුතු කරන බව විජයදාස රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා.එහි දී ලෝක බලවතා වීමට සිහින දකින චීනය ශ්‍රී ලංකාව යුධ උපක්‍රමශීලී මධ්‍යස්ථානයක් ලෙස ඉදිරියේ දී යොදා ගනු ඇති බව විජයදාස රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා .
$ads={2}