ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් බස් ගාස්තු ඉහළ නැංවිය යුතු බව සමස්ථ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.
$ads={2}
එසැණ කළ විමසීමකදී එහි ප්‍රධාන ලේකම් අන්ජන ප්‍රියන්ජිත් සඳහන් කළේ රුපියල් 14 ක්ව පවතින අවම බස් ගාස්තුව රුපියල් 25 දක්වා ඉහළ දැමිය යුතු බවයි.
එසේම සමස්ත බස් ගාස්තුව සියයට 25 කින් ඉහළ දැමිය යුතු බවයි ඔහු සඳහන් කළේ.
පොදු ප්‍රවාහනය සඳහා ඩීසල් සහනාධාරයක් දින තුනක් තුළ ලබාදෙන ලෙසත් එසේ නොමැති නම් බස් ගාස්තු සංශෝධනයකට යා යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.