අද දවසේ ලග්න පලාපල - 2021 දෙසැම්බර් මස 16 වන බ්‍රහස්පතින්දා

මේෂ

ක්‍රියාකාරීව කටයුතුවල යෙදේ. තම ව්‍යාපාරවල ශුභදායී තත්ත්ව පෙනේ. ණය තුරුස්වලින් අතමිදීමේ ශක්තිය ඇතිවෙයි. ප්‍රේම සබදතා ඇතිකරයි. හදිසි ධන වාසනා ඇති වේ. සිරස ගත රෝගද මතුවේ.

වෘෂභ

අවිවේකී බව මත තරමක් ආවේගශීලීගති ඉස්මතු වෙයි. ඉවසීමෙන් දවස ක්‍රියාකළ යුතුය සුහදතාව වර්ධන ක්‍රියාවන් යෙදේ. නවක මිතුදම් ඇති වෙයි. අමතර ලාභ ගෙන දෙයි. සෙම් කෝප රෝග මතු කරයි.

මිථුන

ප‍්‍රබෝධමත් දිනක තම සුපුරුදු  ක්‍රියාවන්හි උනන්දුවෙන් යෙදේ. ප‍්‍රීති සාද වැනි දේවලට හේතුයි. නවක මිතුදම් වර්ධනය වේ. ලිපි ලේඛනවලින් ජයදේ. බලාපොරොත්තු රහිත වැයවීම් වැනි දේවලට හේතු දිනකි. උදරාබාධ ඇතිකරවන දිනකි.

$ads={2}

කටක

රාජකාරිවල උනන්දුවෙන් යෙදෙන අතර තම ව්‍යාපාරවල බාධා ඉවත් වෙයි. ප‍්‍රබෝධමත්ව ක්‍රියාකරයි. භූමිලාභ භූමි සම්පත් ගෙනදෙන අතර මනසට පීඩාදුන් ප‍්‍රශ්නයක් සාර්ථකව විසදේ. සන්ධි ප‍්‍රදාහ රෝග මතු කරයි.

සිංහ

ශුභඵල සහිතයි. නව නිපැයුම් ඇරඹේ. තම ඥාති මිත‍්‍රාදීන් ඒකරාශිව ක්‍රියාකරයි. සුහදතා වර්ධන කටයුතුවල යෙදේ. හදිසි ලාභ ලැබීම්වලට හේතුයි. සෙම් ආශ‍්‍රිත රෝගවලට හේතුයි.

කන්‍යා

ශුභවාදී ඵල මතු කරයි. ප‍්‍රීති උත්සව වැනි දේට හේතුයි. නව නිපැයුම් ඇරඹීමට ශුභයි. රාජකාරී කටයුතු පිළිවෙළට ඉටුකරයි. සතුරන් දමනය වෙයි. පැරණි මිතුදම් වර්ධනය වෙයි. පාදවල ආබාධ මතු කරයි.

තුලා

ශුභාශුභ ඵල මත දවස ගෙවයි. රාජකාරි ස්ථානවල කැපීපෙනේ. සතුරන් දමනය වෙයි. ගමන් බිමන් බහුල දිනකි. සුහදතා වර්ධන කටයුතුවල යෙදේ. සිරසගත රෝග සාදයි. දහමට ලැදිව ක‍්‍රයා කරයි.

වෘශ්චික

ශුභාශුභ මිශ‍්‍රඵල මතු කරයි. නව නිර්මාණකරණයට ලැදියි. ලිපි ලේඛනවලින් ජයගෙන දෙයි. හදිසි ධනවාසනා ගෙනදෙයි. ඇසුරු කරන්නන් අතර ප‍්‍රධාන වෙයි. සෙම් ආසාදන රෝග සාදයි.

ධනු

ශුභාශුභ මිශ‍්‍රඵල මතු කරයි. තම නිවසෙහි අලංකාර කටයුතුවල යෙදේ. ඥාති සුහදතා වර්ධන කි‍්‍රයාවන්හි යෙදේ. මිල මුදල් වැය වෙයි. මුත‍්‍රා ආසාදන රෝගවලට හේතුයි.

මකර

ශුභාශුභ ඵල දෙයි. හුදකලාගති මතු කරයි. ළඟම ඥාතිියකු නිවාස වැයපස ඉහළ යයි. කලකිරීම් මතුකරන ප‍්‍රශ්න ඇතිවෙයි. බඩවැල් රෝග මූල රෝග වැනිදේට හේතුයි.

කුම්භ

ශුභාශුභඵල දෙයි. බොහෝ කි‍්‍රයාකාරකම්වලින් තොරව නව නිපැයුම් ගැන කි‍්‍රයාකාරයි. දහමටද ලැදිව කි‍්‍රයාකරරයි. ඇසුරු කරන්නන් වෙනුවෙන් මිල මුදල් වැය කරයි. අසාත්මිකතා රෝග මතුවේ.

මීන

ශුභාශුභඵල දෙයි. තරමක් වෙහෙසව කි‍්‍රයා කරයි. පරෝපකාරීව කි‍්‍රයාකරන අතර දහමට ද ලැදිව කි‍්‍රයාකරයි. නව නිපැයුම් කරගෙන යයි. මුඛ රෝග දන්ත රෝග වැනිදේට හේතුයි.

Post a Comment (0)
Previous Post Next Post