අද දවසේ ලග්න පලාපල - 2021 දෙසැම්බර් මස 02 වන බ්‍රහස්පතින්දා


මේෂ - හදිසි ධන ලාභ

දියුණුවට කටයුතු සැලසේ. නොයෙක් අංශවලට යොමු වීමෙන් ලාභ ලබා ගනී. හදිසි ධන ලාභ උරුමයි. ලොතරැයි දිනුම්වලට ඉඩ පවතී. ගොවිතැන් කටයුතුවලින් වාසි ලැබේ. තරග විභාගවලින් ජයග්‍රහණ ලබා ගනී.

කටක - ඉක්මන් කෝපය

සිතේ කරදරකාරී හැඟීම් ඇති වේ. ඉක්මන් කෝපය ඇති වේ. ඉවසිලිමත්ව ක්‍රියා කළ යුතුයි. කරගෙන යන කටයුතුවලට බාධා ඇති වේ. රැකියා කටයුතු සම්බන්ධයෙන් සැලකිලිමත් වන්න.

$ads={2}

තුලා - නව මිතුරන්

විවිධ මාර්ගවලින් ආදායම් උපයයි. නව මිතුරු සබඳතා ඇති වේ. ගරු සැලකිලි ලබයි. විනෝදාත්මක කටයුතුවල යෙදේ. වචන පාවිච්චියෙන් ජයග්‍රහණ ලබා ගනී. විභාග සාමාර්ථ ලබයි. ප්‍රේම සබඳතාවලට ශුභයි.

මකර - රැකියාවේ උසස්වීම්

ආදායම් මාර්ග ඉහළ නගී. කෑමබීම සම්බන්ධයෙන් වෙනස්කම් සිදු වේ. ගෙදරදොර අලුත්වැඩියා කටයුතු සිදු කරයි. හුදෙකලාව කාලය ගත කිරීමට උත්සාහ දරයි. රැකියා කටයුතුවලින් උසස්වීම් ලබයි.

වෘෂභ - ව්‍යාපාරවලින් ලාභ

සුළු සුළු ලාභ ලැබේ. වියදමට සරිලන ආදායම් උපයයි. අධ්‍යාපන කටයුතුවලින් යම් සාර්ථකත්වයක් හිමි වේ. රැකියා කටයුතු සාමාන්‍යයි. පොළොව සම්බන්ධ ව්‍යාපාරවලින් ලාභ ලැබේ.

සිංහ - කාන්තාවන්ගෙන් වාසි

දියුණුවට උත්සාහ ගන්නා මුත් එතරම් සාර්ථක ප්‍රතිඵල අත් නොවේ. සතුරු කරදර බහුලයි. ස්ත්‍රී පක්ෂයෙන් වාසි ලැබේ. රැකීරක්ෂා කටයුතුවල දී කාර්යක්ෂමතාව ඇති වේ.

වෘශ්චික - අධික වියදම්

බලාපොරොත්තු ඉටු වීම ප්‍රමාද වේ. අධික ලෙස මුදල් වියදම් වේ. විවාහ යෝජනාවලට වැඩිහිටි විරෝධතා මතු වේ. නීති ප්‍රශ්නවලින් අවාසිදායක තීරණ ලැබේ. අධ්‍යාපන කටයුතුවලට පරිබාහිර දේට සිත යොමු වේ.

කුම්භ - අසරණයන්ට පිහිට

ආදායම් මාර්ගවලට බාධා පැමිණේ. උසස් පුද්ගලයන් සමග කටයුතු කිරීමේ දී ප්‍රවේසම් වන්න. ගෙදරින් පිට වාසය කිරීමට සිදු වේ. අසරණයන්ට පිහිට වීමට ඉදිරිපත් වේ. හෘද පීඩා උත්සන්න වේ.

මිථුන

වියදම් පක්ෂ වැඩි වේ. තම වස්තුවට සොර සතුරු බාධා පැමිණේ. ගෞරවයට හානි සිදු වේ. කරගෙන යන කටයුතුවලට බාධාකාරියි. බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉෂ්ට නොවේ. අනුන්ගේ වැඩ තමාටම කිරීමට සිදු වේ.

කන්‍යා - හදිසි වියදම්

අන්‍යයන්ගේ වැඩ හේතුවෙන් සිතේ බය සංකා ඇති වේ. නිෂ්ඵල ගමන් යෙදීමෙන් අධික වියදම් ඇති කරයි. රැකියා කටයුතුවලට උදාසීනතා ඇති වේ. හදිසියේ මුදල් වියදම් වීමක් පෙන්වයි.

ධනු - ඥාතීන්ගෙන් සැලකිලි

කලක් තිස්සේ තිබූ බලාපොරොත්තුවක් ඉටු වේ. ඥාති මිත්‍රාදීන් අතර සැලකිල්ලට පාත්‍ර වේ. කරගෙන යන කටයුතු මෙන්ම අලුතින් ආරම්භ කරන කටයුතු ද දියුණුවට පත් වේ. අන්සතු වස්තු හිමි වේ..

මීන - හදිසි අනතුරු

අනවශ්‍ය ලෙස මුදල් වියදම් වේ. සිත් තැවුල් ඇති කරයි. රැකියා ස්ථානයේ කාර්යබහුලත්වයක් පෙන්වයි. අනවශ්‍ය සබඳතා පැවැත්වීමෙන් කීර්ති නාමය පළුදු විය හැක. හදිසි අනතුරු පෙන්වයි.

Post a Comment (0)
Previous Post Next Post