අද දවසේ ලග්න පලාපල - 2021 දෙසැම්බර් මස 11 වන සෙනසුරාදා


මේෂ

ක‍්‍රියාශීලී දිනකි. පොදු සේවා සමාජ සත්කාරක ක‍්‍රියා ආදියෙහි යෙදේ. ගමන් බිමන් බහුල වෙයි. ප‍්‍රීති උත්සව සාද වැනි දේවල් යෙදේ. නවක මිතුදම් ඇතිවෙයි. හදිසි ධන ලාභ ලැබීම් ඇතිවේ. සිරසගත රෝග සාදයි.

වෘෂභ

තම ඥාති මිත‍්‍රාදීන් ඒකරාශීව කටයුතු කරයි. තම නිවස උත්සවශ‍්‍රීයක් ඇති කරයි. අන්‍යොන්‍ය සබඳතා වර්ධනය වන අතර වැයපස බලාපොරොත්තු රහිත ලෙස ඉහළ යයි. සන්ධි ප‍්‍රදාහ රෝග මතුවේ.

මිථුන

ක‍්‍රියාශීලී දිනකි. සතුරු බලපෑම් දමනය කර ගැනීමේ ශක්තිය ඇතිවේ. පී‍්‍රති සාද වැනි දේට සහභාගිවීමේ අවශ්‍යතා යෙදේ. නවක මිතුදම් පේ‍්‍රම සබඳතා ඇතිවෙයි. තරමක් මිල මුදල් වැයවෙයි. ආමාශගත රෝග මතුකරයි.

කටක

ශුභාශුභ ඵල දෙයි. විනෝදගමන් විනෝදජනක ක‍්‍රියා ාදියෙහි යෙදේ. දහමට ලැදිව ක‍්‍රියාකරයි. නවක මිතුදම් ඇතිවෙයි. අඹු සැමි මතභේද මතුකරයි. ඉවසීමෙන් ක‍්‍රියා කළ යුතු දිනකි.

සිංහ

ශුභාශුභ මිශ‍්‍රඵල උදාකරයි. ගමන්බිමන්ද තරමක් අධිකවෙයි. කාලය සීමා වන අතර තරමක් අතපසුවීම්වලට හේතුයි. දහමට ලැදිව ක‍්‍රියා කරයි. සෙම්කෝප රෝග මතුවීමට ඉඩ තිබේ.

කන්‍යා

ක‍්‍රියාශීලීව කටයුතුවල යෙදේ. අධ්‍යාත්මික ගුණ වගාවන් කෙරෙහි සිත් යොමු කරවයි. තම ඥාති මිත‍්‍රාදීන් ඒකරාශීව දහමට අවතීර්ණ වෙයි. විනෝදජනක කටයුතුවල යෙදේ. වාත රෝග මතුකරවන දිනකි.

තුලා

ශුභාශුභ මිශ‍්‍රඵල යෙදේ. තම ඥාති මිත‍්‍රාදීන් ඒකරාශීව දහමට ලැදිව ක‍්‍රියාකරයි. දානමානාදී පුණ්‍යකර්මවල යෙදේ. විනෝදජනක ක‍්‍රියාවන්ද දියත් කිරීමට හේතුයි. දන්තරෝග සෙම් රෝග මතුවෙයි.

වෘශ්චික

ශුභාශුභ ඵල දෙයි. තම නිවස තරමක් උත්සව ස්වරූපයක් ගනී. ඥාති මිත‍්‍රාදීන්ද ඒකරාශීවන අතර දුරස්ථවූ ඥාතියකු සමීප වෙයි. දහමට අවතීර්ණව ක‍්‍රියාකරන දිනකි. මානසික රෝග ඉස්මතුවෙයි.

ධනු

ශුභාශුභ මිශ‍්‍රඵල මතුකරයි. ප‍්‍රීති උත්සව යෙදේ. ඒවාට සහභාගිවීමේ අවස්ථා යෙදේ. දහමට ලැදිව ක‍්‍රියාකරයි. විනෝදජනක ක‍්‍රියා කෙරෙහි යොමුවෙයි. පෙණහලූ රෝග හදවත් රෝගවලට හේතුයි.

මකර

ශුභවාදී ඵල මතුකරයි. සුහදතා වර්ධන ක‍්‍රියා ආදියෙහි යෙදේ. තම ඥාති මිත‍්‍රාදීන් ඒකරාශීව ක‍්‍රියාකරයි. ව්‍යාපාරික කටයුතුවල ජයක් පෙනේ. දුර ගමන් යෙදේ. වාතාධික රෝගවලට හේතුයි.

$ads={2}

කුම්භ

ශුභවාදී ඵල ගෙන දෙයි. විනෝදජනක ක‍්‍රියාවන්හි යෙදේ. ප‍්‍රීති උත්සව සඳහා සහභාගිවීමේ අවස්ථා යෙදේ. වැයපස අධික වන අතර අවිවේකී බව මතුකරයි. සිරසගත රෝග ආතතිවලට හේතුයි.

මීන

ශුභාශුභ මිශ‍්‍රඵල මතුකරයි. ප‍්‍රීති උත්සවවලට සහභාගිවීමේ අවස්ථා යෙදේ. ඇසුරු කරන්නන් අතර කැපී පෙනේ. සුහදතා වර්ධන කටයුතුවල යෙදේ. සෞඛ්‍ය තත්ත්වය පිරිහී රෝග සාදයි.

Post a Comment (0)
Previous Post Next Post