අද (10) දිනයේ සිට ඉහළ විදුලි ඉල්ලුමක් පවතින කාල සීමාවේ දී විදුලි විසන්ධි කිරීමකින් තොර ව සුපුරුදු පරිදි අඛණ්ඩ ව විදුලිය සැපයිය හැකි බව විදුලි බල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන ප්‍රකාශ කරනවා.
ඒ අනුව අද සිට බාධාවකින් තොර ව විදුලි සැපයුම සිදු කිරීමේ හැකියාව පවතින බව ලංකා විදුලි බල මණ්ඩලය තහවුරු කර තිබෙන බවයි ඔහු සඳහන් කළේ.
$ads={2}
පසුගිය 03 වැනි දා කොත්මලේ සිට බියගම දක්වා විදුලි සම්ප්‍රේෂණ පද්ධතියේ බිඳ වැටීමක් හේතුවෙන් නොරොච්චෝලේ ජනන යන්ත්‍ර දෙකක් අක්‍රීය වීම නිසා විදුලිය බිඳ වැටුණු අතර, එහි තුන් වැනි ජනන යන්ත්‍රය ඒ වනවිටත් නඩත්තු කටයුතු සඳහා පද්ධතියෙන් ඉවත් කිරීම හේතුවෙන් විදුලි සැපයුමට බාධා එල්ල වූ බව ඔහු කියා සිටියා.
එලෙස ජනන යන්ත්‍ර අක්‍රීය වූ විට යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා දින 4ක 5ක කාලයක් ගත වන බවත් මේ වන විට තුන්වන සහ දෙවන ජනන යන්ත්‍ර පද්ධතියට එකතු කර තිබෙන හෙයින් අද සිට විදුලි සැපයුමට බාධාවක් ඇති නොවන බව ජයවර්ධන පැහැදිලි කළා.
පළමු ජනන යන්ත්‍රය ද හෙට දිනය වන විට පද්ධතියට එකතු කළ හැකි බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.