මේෂ
ගමන් බිමන් බහුල වන අතර දුරගමන් වලදී ප‍්‍රවේශම මැනවි. හදිසි තීරණ මත කි‍්‍රයාකිරීම ශුභවාදී නොවන අතර කතාවේදී කි‍්‍රයාවේදී ප‍්‍රවේශම මැනවි. විනෝදාත්මක කි‍්‍රයාවන්හිද යෙදේ. බඩවැල් ආශි‍්‍රත රෝග මූල රෝග මතුවේ.
වෘෂභ
රාජකාරි උනන්දුවෙන් ඉටුකරයි. සුහදතා වර්ධන කි‍්‍රයාවන්හි යෙදේ. ව්‍යාපාරවල දියුණුවක් පෙනේ. භූමිය පිළිබඳ කි‍්‍රයාවන්ගෙන් ජය ලබයි. සතුරු බලපෑම් එල්ල වන බැවින් බුද්ධිය මෙහෙයවා කි‍්‍රයාකළ යුතුය. සෙම් කෝප වැනි රෝග වලට හේතුයි.
මිථුන
කි‍්‍රයාශීලී දිනකි. සමාජ සත්කාරක කි‍්‍රයාවන්හි යෙදෙන අතර පැරණි ගනුදෙනුවක් ශුභඵලදායී ලෙස විසඳේ. භූමි ලාභ, භූමි සම්පත් ළඟා කරයි. ලිපි ලේඛනවලින් ජයග‍්‍රහණ ලබන හදිසි ලාභ දෙන දිනකි. සිරස ගත රෝග මතුකරයි.
කටක
මහජන ප‍්‍රසාදය ලබන දිනකි. පී‍්‍රති සාද උත්සව වැනි දේවලටද සහභාගිවීමේ අවස්ථා යෙදේ. ආගමික වතාවත්, පුද පූජා වැනි දේවලට යොමුවන අතර තරමක් මිල මුදල් වැයවන දිනකි. ස්නායුගත රෝග මතුකරයි.
සිංහ
විනෝදයෙන් දවස ගෙවයි. පී‍්‍රති සාදවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. නවක මිතුදම්, පේ‍්‍රම සබඳතා වැනි දේවලට හේතුයි. විය පැහැදම් අධික වන අතර ණය තුරුස් වීමටද හේතුයි. හන්දි ප‍්‍රදාහ රෝග සාදයි.
කන්‍යා
ශුභඵල දෙයි. තුරඟ තරග ජයගනී. විනෝද ගමන්, වන්දනා ගමන් වැනි දේවලට සහභාගිවීමේ අවස්ථා යෙදේ. දහමට ලැදිව කි‍්‍රයා කරයි. තම ඥාතීන් අතර කැපී පෙනෙන චරිතයකි. සිරසගත රෝග මතුකරයි.
තුලා
ශුභාශුභ මිශ‍්‍රඵල දායක වෙයි. පී‍්‍රතිසාද වැනි දේවලට සහභාගි වෙයි. නවක මිතුදම් මත කි‍්‍රයාකරයි. තරමක් මනසට අවිවේකය මතුකරයි. කතාවේදී කි‍්‍රයාවේදී දෙවරක් සිතා බැලීම මැනවි. ආමාශගත රෝග මතුවේ.
වෘශ්චික
ශුභාශුභ ඵල දරයි. සුහදතා වර්ධන කි‍්‍රයාවන්හි යෙදෙන අතර තම අරමුණු ජයගනී. ආගමික වතාවත් ගරුකර කි‍්‍රයාකරයි. නව යාන වාහන මිලට ගැනීමකට ඒකරාශී වීමකට හේතුයි. ඉදිමුම් රෝග, මුත‍්‍රා ආසාදන රෝග සාදයි.
ධනු
ශුභාශුභ මිශ‍්‍රඵල උදාකරයි. දුරගමන් යෙදේ. ප‍්‍රබෝධමත්ව රාජකාරිවල යෙදේ. විනෝද ජනක කි‍්‍රයාවන්හි යෙදේ. වැයපස ඉහළ යයි. සතුරු බලපෑම් එල්ල වෙයි. සිරසගත රෝග සාදයි.
මකර
ශුභාශුභ මිශ‍්‍රඵල මතුකරයි. යටපත්ව තිබූ පෙනෙන නොපෙනෙන සතුරු බලපෑම් ඉස්මතු වෙයි. මනස චංචල වෙයි. වැයපසද ඉහළ යයි. ණය තුරුස් වෙයි. සන්ධි ප‍්‍රදාහ රෝග සාදයි.
$ads={2}
කුම්භ
ශුභවාදී ඵල මතුකරයි. නව නිර්මාණ ඇරඹීමට ශුභයි. රැවටිලිවලට හසුවෙයි. සිත් චංචල කරවන කි‍්‍රයාවන් යෙදේ. රැකියා ස්ථානවලද බාධා එල්ල වෙයි. සෙම් ආසාදිත රෝග සාදයි.
මීන
ශුභාශුභ මිශ‍්‍රඵල ගෙනදෙයි. දුරගමන්, වන්දනා ගමන් වැනි දේට හේතුයි. තම ඥාතී මිත‍්‍රාදීන් ඒකරාශීව කි‍්‍රයාකරයි. වැයපසද ඉහළ යයි. සෞඛ්‍ය තත්ත්වය දුර්වල වේ. රෝග මතුකරයි.