ඔහු පකිස්ථානයේ Rajco industries නමැති සමාගමේ සාමාන්‍යාධිකාරීවරයා ලෙස සේවය කර තිබිණි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම සමාගමේ ම සේවකයින් පිරිසක් විසින් ඔහුට පහර දී ඝාතනය කළ බව ය.
ප්‍රියන්ත කුමාර මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු බව වාර්තා වේ.
$ads={2}
මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ, ඉස්ලාම් ධර්මයට අපහාස කළ බවට චෝදනා කරමින් විශාල පිරිසක් ගල්මුල්වලින් පහර දී ඔහු ඝාතනයට ලක්වූ පසු දේහය පුළුස්සා දමා ඇති බව ය.
මෙම ඛේදවාචකය සිදුවී ඇත්තේ, අද පෙරවරුවේ, පකිස්ථානයේ සියල්කොට් ප්‍රදේශයේ වසීරාබාද් මාර්ගයේදී ය.
පෙර පුවත : ආගමට අපහාස කළැයි ශ්‍රී ලාංකිකයෙකුට පකිස්ථානයේදී පහර දී ඝාතනය කරලා [VIDEO]