අද දවසේ ලග්න පලාපල - 2021 දෙසැම්බර් මස 06 වන සඳුදා


මේෂ

තරමක් අවිවේකී දිනකි. රාජකාරි බහුල වෙයි. තම ව්‍යාපාර ස්ථානවලද කාර්ය බහුල වෙයි. සේවක සේවිකාවන් අමතකව කි‍්‍රයා කරයි. වැය පසද තරමක් ඉහළ යන දිනකි. සන්ධි ප‍්‍රදාහ රෝග ඉදිමුම් රෝග මතුවේ.

වෘෂභ

වෙහෙසව කි‍්‍රයා කිරීමට සිදුවෙයි. පොදු සේවා කටයුතුවල යෙදේ. නොකළ වැරදිවලට වේදනා එල්ල වන අතර සිත් චංචල කරවන දිනකි. ඉවසීමෙන් කි‍්‍රයා කළ යුතු අතර දහමට ලැදිවේ. සිරස ගත රෝගද මතුකරයි.

මිථුන

ප‍්‍රබෝධමත්ව රාජකාරි කටයුතුවල යෙදේ. උගතුන් වියතුන් ඇසුරට පත්වෙයි. අවිවේකී බවද ඇති කරන දිනකි. පේ‍්‍රම සබඳතාවල තරමක් ගැටලූ මතු කරයි. ඉතා ඉවසීමෙන් කි‍්‍රයා කළ යුතුය. සෙම් කෝප රෝගද මතුවේ.

$ads={2}

කටක

ක්‍රියාශීලී දිනකි. තරමක් වෙහෙසව කටයුතුවල යෙදේ. අන් අය වෙනුවෙන් උපදෙස් උපකාර ආදියෙහි යෙදෙන අතර ඇසුරු කරන්නන් සමග තරමක් මතවාද ඇති කරයි. අමතර ලාභ ලබයි. අර්ශස් රෝගද මතු කරයි.

සිංහ

ශුභාශුභ ඵලදෙයි. අලස ගති ඉස්මතු කරයි. තම වැඩකටයුතු අතපසු වෙයි. ළඟම ඥාතියකු වෙනුවෙන් වැයපස ඉහළ යයි. සෙම් ආසාදන රෝග පෙනහළු රෝග මතුවෙයි. වැයපසද ඉහළ යයි.

කන්‍යා

ශුභාශුභ ඵල මතුකරයි. කි‍්‍රයාවේදී අලස ගති ඉස්මතු කරයි. නව නිර්මාණකරණයට හොඳයි. හුදකලා ගති ඉස්මතු කරයි. සිත් චංචල කරවයි. යටපත්ව තිබූ රෝග ඉස්මතු කරයි.

තුලා

දවස සාමාන්‍යයි. තරමක් වෙහෙසව කි‍්‍රයා කරයි. නව නිපැයුම් ඇරඹීමට ශුභයි. සතුරු බලපෑම් එල්ලවෙයි. තරමක් චංචල මනසින් කි‍්‍රයා කරයි. පපුවේ වේදනා අමාරු ආදියට හේතුයි.

වෘශ්චික

ශුභාශුභ මිශ‍්‍ර ඵල මතුකරයි. ආර්ථික පීඩා මතුකරයි. සමාජ සත්කාරක කි‍්‍රයාවන්හි යෙදේ. හදිසි තීරණ මත ක්‍රියා කිරීම ශුභවාදී නොවේ. ආමාශගත රෝග මතුකරයි.

ධනු

ශුභාශුභ ඵල දෙයි. අවිවේකී දිනකි. පොදු සේවා කි‍්‍රයාකාරකම්වල යෙදේ. ආර්ථික පීඩා මතු කරයි. තරමක් සිත් චංචල සිතුවිලි මතුකරයි. ආමාශගත රෝග ආසාත්මිකතා ඇති කරයි.

මකර

ශුභාශුභ ඵල දෙයි. සිත් පීඩා ගෙනදෙන කි‍්‍රයා ඇතිවේ. දුරස්ථ මිතුරන් සමීප වෙයි. පැරණි ණය ගනුදෙනුවකින් ජය ලබයි. පේ‍්‍රම සබඳතා ඇතිවේ. වැයපස ඉහළයි. වාතාධික රෝග සන්ධි ඉදිමුම් රෝග මතුවේ.

කුම්භ

ශුභාශුභ ඵල මතුකරයි. කෙටි ගමන් බිමන් වැනි දේවලට හේතුයි. තම ඥාතීන් වෙනුවෙන් වැයපස ඉහළ යයි. වෙළ හෙළඳාම්වලින් දියුණු වෙයි. යටපත්ව තිබූ රෝග නැවත මතුවෙයි.

මීන

ශුභාශුභ මිශ‍්‍ර ඵල දෙයි. තරමක් වෙහෙසව කි‍්‍රයා කරයි. පොදු සේවා කි‍්‍රයාකාරකම් යෙදේ. දහමට ලැදිව කි‍්‍රයා කරයි. තම ඇසුරු කරන්නන් නිසා වැයපස ඉහළ යයි. ආමාශගත රෝග මතුකරයි.

Post a Comment (0)
Previous Post Next Post