අනුරගේ නායකත්වයෙන් අලුත් රටක්


රටේ පැන නැගී ඇති අර්බුද හමුවේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකගේ නායකත්වය යටතේ පක්ෂ කිහිපයක් එක් කර ගනිමින් කඩිනමින් මේ රට තුළ ජාතික බලවේගයක් ගොඩ නැගීමට මේ වන විට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ පා.ම. විජිත හේරත් පැවසීය.

විජිත හේරත් මන්ත්‍රිවරයා ඒ බැව් කියා සිටියේ ගමෙන් පටන් ගමු යන වැඩසටහන ඊයේ (05දා) දින හැටන් නගරයෙන් ආරම්භ කරමිනි.

මේ ආණ්ඩුව බලයට එද්දී කිව්වේ ජනතාව සැපෙන් ජීවත් කරනවා කියලා. දැන් ගෑස් නැහැ. කිරිපිටි නැහැ. වතුකරයේ ජනතාවට තිරිඟු පිටි නැතිව රොටි කන්නත් බැරිවෙලා තියෙන්නේ යැයිද හෙතෙම පැවසීය.

$ads={2}

බිම් මට්ටමේ සිටින ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්, එක්සත් ජාතික පාක්ෂිකයන්, වතුකරය නියෝජනය කරන පක්ෂවල සමාජිකයන්, මුස්ලිම් ජනතාව, ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් එක්ව නව දේශපාලන බලවේගයක් ගොඩ නැගිය යුතුයි.

අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අලුත් රටක් හදන්න සිංහල දමිළ මුස්ලිම් ජනතාව එකතු වෙමින් සිටිනවා.

ජනතාවට දැන් අවශ්‍ය අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් යුතු නිෂ්පාදනය මූලික කරගත් රටක් පිහිටුවන්න යැයිද හෙතෙම පැවසීය.

Post a Comment (0)
Previous Post Next Post