අද දවසේ ලග්න පලාපල - 2021 දෙසැම්බර් මස 15 වන බදාදා

මේෂ

ක්‍රියාශීලි දිනකි. රාජකාරි බහුල වෙයි. පොදුසේවා සමාජ සත්කාරක ක්‍රියා ආදියෙහි යෙදේ. අලංකාර කටයුතු සඳහා වැයපස ඉහළ යයි. නවක මිතුදම් ඇතිවෙයි. හදිසි ධන ලාභ ලැබීම් වැනි දේට හේතුයි. සෙම් කෝප රෝග මතු කරයි.

වෘෂභ

අවිවේකී බව ඇති කරයි. තම අවශ්‍යතා අත්හැර පොදු අවශ්‍යතා මත කි‍්‍රයාකරයි. කලක් මනසට වධ දුන් ප‍්‍රශ්න නිරාකරණය වෙයි. තම ආර්ථිකයද තරමක් දුරට පහත වැටීමක් පෙනෙයි. ආමාශ ගත රෝග මතුකරයි.

මිථුන

ප‍්‍රබෝධමත්ව රාජකාරිවල යෙදේ. මහජන ප‍්‍රසාදයට පත්වෙයි. තම ව්‍යාපාරද ඉහළ මට්ටමක පවතී. නවක මිතුදම් ඇතිවෙයි. දහමට ලැදිව ක්‍රියා කරයි. හදිසි ධන ලාභ දෙයි. මුත‍්‍රා ආසාදන රෝග මතුකරයි.

කටක

ශුභාශුභ මිශ‍්‍රඵල දෙයි. ගමන්බිමන් බහුල වීමෙන් අවිවේකී බව මතුකරයි. සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. නවක මිතුදම් ගොඩනැගේ. ප්‍රේම සබඳතාද වර්ධනය වන දිනකි. සිරසගත රෝග මතුකරයි.

සිංහ

සුහදතා වර්ධන කටයුතුවල යෙදේ. තම ඥාතීන් අතර ප‍්‍රධාන වෙයි. මිල මුදල් වැයවෙයි. දහමට ලැදිව ක්‍රියා කරයි. සමාජ සත්කාරකවල යෙදේ. හදිසි ධන ලාභ ලබයි. ආමාශගත රෝග මතුවෙයි.

කන්‍යා

සාමාන්‍ය දිනකි. අලස ගති වර්ධනය වෙයි. නව නිර්මාණකරණයට ශුභයි. උගතුන් ඇසුරට පත්වන දිනකි. ව්‍යාපාරවල තරමක ප‍්‍රගතියක් දැනේ. ස්නායුගත රෝග වර්ධනයට හේතුයි.

තුලා

ශුභාශුභ මිශ‍්‍රඵල දෙයි. ඇසුරුකරන්නන් සමග මතවාද ඇතිවන බැවින් වාද විවාදවලට ශුභවාදී නොවේ. සතුරු බලපෑම් එල්ලවෙයි. ඉවසීමෙන් කි‍්‍රයා කළ යුතු දිනකි. සන්ධි ප‍්‍රදාහ රෝග මතුකරයි.

$ads={2}

වෘශ්චික

සාමාන්‍ය දිනකි. පොදු සේවා සමාජ සත්කාරක කි‍්‍රයා ආදියෙහි යෙදේ. තම ඥාතීන් සමග සුහදතාව වර්ධන ක්‍රියාවන්හි යෙදේ. ආගමික වතාවත් ගරුකරන දවසක් ගෙවයි. සිරසගත රෝග මතුකරයි.

ධනු

ශුභාශුභ ඵල දෙයි. ව්‍යාපාරවල යෙදෙන්නන්ට ශුභයි. සමාජ සත්කාරක කි‍්‍රයාවන්හි යෙදෙන අතර තම ළඟම ඥාති මිත‍්‍රාදීන් දහමට යොමු කරවන කි‍්‍රයාවන්හි යෙදේ. පාදවල ආබාධ මතුවෙයි.

මකර

ශුභාශුභ මිශ‍්‍ර ඵල යෙදේ. තම ඥාති මිත‍්‍රාදීන්ගේ අවශ්‍යතා මතක්‍රියාකරයි. නිවාස අලංකාර කටයුතුද දියත් කරයි. රැවටිලිවලට හසුවෙයි. වැයපස ඉහළ යයි. නේත‍්‍ර රෝග, කර්ණ රෝගාදියට හේතුයි.

කුම්භ

දවස සාමාන්‍ය ලෙසින් ගෙවේ. තම ඥාතීන් සමග සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. සමීප සබඳතා වර්ධනය වෙයි. තරමක් මිල මුදල් වැයවෙයි. හදිසි ධන ලාභ ලබයි. කොන්දේ අමාරු වාත රෝග මතුවේ.

මීන

ශුභාශුභ මිශ‍්‍රඵල දෙයි. දවස නිවසේ ගත කරයි. පොදු සේවා කටයුතුවලද යෙදේ. මිල මුදල් වැයවෙයි. දහමට යොමුවෙයි. තරමක් වෙහෙසව කි‍්‍රයා කරයි. මුත‍්‍රා ආසාදන කුෂ්ඨ රෝග ආදියට හේතුයි.

Post a Comment (0)
Previous Post Next Post