මහා පරිමාණ හෙරොයින් ජාවාරමක් මෙහෙයවූ කාන්තාවක් ඇතුළු තිදෙනකු රුපියල් ලක්ෂ 40කට ආසන්න හෙරොයින් සහ ඒවා ප්‍රවාහනයට යොදාගත් බව කියන වාහනය සමගින් ඊයේ (14 වැනිදා) අනුරාධපුර ශ්‍රාවස්තිපුර දී අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට පත් සැකකරුවන් වත්තල හුනුපිටිය හා ශ්‍රාවස්තිපුර පදිංචිකරුවෝ වෙති. මෙම ජාවාරම මෙහෙයවා ඇත්තේ වයස අවුරුදු 38ක් වූ කාන්තාවක් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ මර්දන ඒකකය පවසයි. මෙම කාන්තාව අත්අඩංගුවට පත් වයස අවුරුදු 23ක් වූ ඇගේ අනියම් ස්වාමි පුරුෂයා සමග කලක පටන් කොළඹ සිට අනුරාධපුරයට හෙරොයින් ප්‍රවාහනය කර ඊසි කෑෂ් ක්‍රමයට බෙදා හැර තිබේ. එසේ බෙදා හැරීම සිදු කර ඇත්තේ අත්අඩංගුවට පත් ශ්‍රාවස්තිපුර පදිංචි වයස අවුරුදු 28 ක් වූ සැකකරු හරහාය. කාන්තාවගේ සැමියා ද මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් බන්ධනාගරගතව සිටි අයෙක් වන අතර මෙම කාන්තාවට විරුද්ධව ද මත්ද්‍රව්‍ය නඩු 3ක් විභාග වෙමින් පවතින බව කොට්ඨාස අපරාධ ඒකකය පවසයි.
අත්අඩංගුවට පත්ව සිටින ඇගේ අනියම් සැමියා ද මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් දඬුවම් ලබා සිටින අයෙක් බව ද හෙළිවී තිබේ. අනුරාධපුර කොට්ඨාස අපරාධ මර්දන ඒකකයට ලද තොරතුරකට අනුව ශ්‍රාවස්තිපුර තුරුළිය සෙවණ ප්‍රදේශයේ රැකවල්ලා සිටි පොලිසියට සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ. සැකකරුවන් මෙම ජාවාරම සඳහා යොදාගෙන ඇති මෝටර් රථය දිනකට රුපියල් 2500 කුලී පදනම මත බොරලැස්ගමුව ප්‍රදේශයෙන් ලබා ගෙන ඇති බව ද පොලිසිය පවසයි.
$ads={2}