ගවයා වෙඩි තබා මරා මස් ගම පුරා විකුණලා


බුත්තල යටිඇළතොට ප්‍රදේශයේ ගව ගාලක සිටි ගවයකු සොරකම් කර එම ගවයා ඝාතනය කර මස් අලෙවි කළ සැකකරුවන් සිව්දෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් විසින් කුරිරු වද හිංසා පමුණුවා වෙඩි තබා මෙම ගවයා ඝාතනය කර ඇති අතර පසුව එම මස් ප්‍රදේශයේ අලෙවි කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මොනරාගල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වෙත ලද පැමිණිල්ලක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් සන්තකයේ තිබී ඝාතනය සඳහා යොදාගත් ආයුධ කිහිපයක්ද පොලිසිය විසින් සොයාගෙන තිබේ.

$ads={2}

Post a Comment (0)
Previous Post Next Post