අද දවසේ ලග්න පලාපල - 2021 දෙසැම්බර් මස 14 වන අඟහරුවාදා


මීන

රියැදුරු සේවයේ නිරත වූවන්ට කාර්ය බහුල වේ. මුදල් පරිහරණයේ දී කල්පනාකාරී නොවීමෙන් ගැටලු මතුවේ. කාර්මික කටයුතුවලින් වැඩි ලාබ ප්‍රයෝජන සැලසේ. නිවෙසේ අඩුපාඩු රැසක් සපුරා ගැනීමට හැකිවේ.

කුම්භ

හිතවත් අයගෙන් උදව් උපකාර ලැබේ. වැදගත් කෙනකු හමුවීමට අවස්ථාව සැලසේ. වැඩිහිටියන්ගේ කටයුතු සඳහා උපකාර වීමට සිදුවේ. පවුලේ සමගිය වර්ධනය වේ.

මකර

නිෂ්ඵල ගමන් බිමන් යෙදෙන දිනයකි. ආදායම් මාර්ගවල අවහිර වීම් ආදියට හේතු යෙදේ. රැකියා කටයුතු සඳහා වැඩි කාලයක් යෙද වීමට සිදුවේ. සෙම් පීඩා වැනි අසනීප තත්ත්ව බලපායි.

ධනු

උත්සව අවස්ථා ආදියට ඇරියුම් ලැබේ. විවාහ අපේක්‍ෂකයන්ගේ බලාපොරොත්තු ප්‍රමාද වේ. රැකියාවල නිරතවූවන්ට අමතර වගකීම් රැසක් යෙදේ. සතුරු උවදුර හෝ කිසියම් පාඩුවකට හේතු යෙදේ.

වෘශ්චික

මිල මුදල් ලැබුණත් වියදම් පක්‍ෂය ඉහළ යයි. රැකියා කටයුතුවල දී විවිධ දුෂ්කරතා මතුවේ. පොත්පත් හා ලිපි ලේඛන කටයුතුවලට යහපත්ය. ඇසුරු කරන්නන්ගේ අප්‍රසාදයට හේතු යෙදේ.

තුලා

අධ්‍යාපන කටයුතු සඳහා වැඩි උනන්දුවක් දක්වයි. රැකියාවට සම්බන්ධ දුර ගමනක් යෙදේ. හදිසි ලාබ ආදියට ඉඩ ඇත. හිතවතුන්ගේ උපකාර ලැබේ.

කන්‍යා

ඇසුරු කරන්නන් අතර මතභේදයකට හේතු යෙදේ. ප්‍රවාහන කටයුතුවල නිතරවූවන්ට දුර පළාත්වලට යාමට සිදුවේ. හදිසි අනතුරු ආදියට ඉඩ ඇති බැවින් පරිස්සම් විය යුතුය. නිදහස් රැකියා ලාබ හිමිවේ.

සිංහ

නව නිමැයුම්වලින් වැඩිලැබ ප්‍රයෝජන සැලසේ. වැඩි දෙනකුගේ ප්‍රසාදයට හේතු යෙදේ. ගායන කුසලතා ඇති පිරිසට සුබදායක තත්ත්වයක් පවතී. නීති ප්‍රශ්න ආදිය බලපාන දිනයකි.

කටක

ජලය ආශ්‍රිත කටයුතුවන නිරතවූවන්ට බාධාකාරී තත්ත්වයක් මතුවනු ඇත. විවිධ කටයුතුවලට යොමුවීමෙන් වැඩි ලාබ ප්‍රයෝජන ලැබේ. ආදායම් තත්ත්වයට තරමක බාධක මතුවේ. ආගමික විශ්වාස වර්ධනය වේ.

මිථුන

දුර ගමන් යෙදෙන්නන්ට බාධක මතුවේ. විදේශ රැකියා බලාපොරොත්තු ප්‍රමාදවීමට හේතු යෙදේ. ගෙවතු ආශ්‍රිත වැඩකටයුතුවල කාර්ය බහුල වේ. පැවැති අසනීප තත්ත්වයක් සුව අතට හැරේ.

$ads={2}

වෘෂභ

දැනට කරගෙන යන වැඩකටයුතුවල වෙනසක් සිදුවේ. පොත්පත් හා ලිපි ලේඛන කටයුතු සඳහා වැඩි කාලයක් යෙදවීමට සිදුවේ. උසස් අය ඇසුරට ලැබෙන අතර, බලාපොරොත්තු ඉටුවේ. ඉක්මන්කාරී ගති වළකා ගත යුතු දිනයකි.

මේෂ

බලාපොරොත්තු දේපළ ලාබයක් හිමිවේ. ඉපයීමේ මාර්ග රැසක් ඇතත් ව්‍යාකූලතා බලපායි. නිවසේ කටයුතු සඳහා වියදම් ඉහළ යයි. ශරීර සෞඛ්‍ය යහපත් වේ.

Post a Comment (0)
Previous Post Next Post