මේ කතාව ගල්කිස්ස පොලිස් කොට්ඨාසයේ පොලිස් පරීක්ෂකවරයකු සම්බන්ධයෙනි. වසර 150ක පමණ පැරණි ගොඩනැගිල්ලක මොහු සේවය කරන පොලිස් ස්ථානය පිහිටා තිබේ. අවුරුදු පනහක් පමණ වයසක් ඇති මෙම නිලධාරියා වගකීමක් සහිත ඒකකයක ස්ථානාධිපති ධුරයක් දරයි. මොහු පොලිස් ස්ථානය තුළ ප්‍රසිද්ධියක් උසුලයි. ඒ නාකි මනමාලයකු ලෙසය. හීන්දෑරි සිරුරක් ඇති මොහුට ඇත්තේ අමුතුම ආසාවකි.
මෙම පොලිසියේ රූමත් තරුණ පොලිස් නිලධාරිනියන් ඇතුළු පොලිස් නිලධාරිනියන් සැලකිය යුතු පිරිසක්ම රාජකාරි කරති. පොලිස් කාන්තාවන් දුටුවිට මෙම පොලිස් පරීක්ෂකවරයාට අමුතුම සෙනෙහසක් පහළ වන්නේය. පොලිස් කාන්තාවක් දුටුවිට මොහු වේගයෙන් පැමිණ එම පොලිස් කාන්තාව බදාගෙන සිප ගනී. අහල පහල වෙනත් නිලධාරීන් එය දුටුවිට මොහු පවසන්නේ අනේ ඒ මගේ දරුවෝ වගේනේ කියාය. මේ මනමාල පොලිස් පරීක්ෂකවරයා දකින විට පොලිස් කාන්තාවෝ දැන් සැඟවෙන්නට පටන් ගෙන ඇත.
විවාහ වන වයසේ දරුවන් සිටින මෙම පොලිස් පරීක්ෂකවරයාගේ නොමනා ක්‍රියාව නිසා පොලිස් ස්ථානයේ සේවය කිරීමට පොලිස් නිලධාරිනියන් අකමැති බැවින් සමහර නිලධාරිනියන් ස්ථාන මාරුවීම් ඉල්ලා ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
$ads={2}
මෙවැනි නොමනා ක්‍රියාවන්ට අනුබල දෙන නිලධාරිනියන්ද සිටී. පොලිස් කාන්තාවන් පොලිසිය තුළම අපයෝජනයට ලක් වන බවත්, එවැනි ක්‍රියාවන් සඳහා එකඟ නොවන නිලධාරිනියන්ට එම නිලධාරියා දොස් තබන බවත් දැනගන්නට ඇත.