මේෂ
ක‍්‍රියාශීලී දිනකි. රාජකාරි ද බහුල වෙයි. සමිති සමාගම් වැනි දේවලට සහභාගි වන අතර නවක මිතුදම් ඇති වෙයි. දුරස්ථව සිටි මිතුරන් නැවත සමීපත්වයට පත් වෙයි. සෙම් කෝප රෝග මතු කරයි.
වෘෂභ
ශුභාශුභ ඵලදෙයි. ප‍්‍රීති සාද වැනි දේවලට හේතුයි. ගමන් බිමන් ද බහුල වෙයි. පරාර්ථකාමීව කි‍්‍රයා කරයි. පේ‍්‍රම සබඳතා වර්ධනය වෙයි. තරමක් වැයපස ඉහළ යන දිනකි. සන්ධි ප‍්‍රදාහ රෝග මතු කරයි.
මිථුන
අවිවේකී දිනකි. සුහඳතා වර්ධන කටයුතුවල යෙදෙන අතර ප‍්‍රබෝධමත්ව රාජකාරි වල යෙදේ. අතපසු වූ වැඩකටයුතු ඉදිරියට කරගෙන යයි. සතුරු බලපෑම් මත තරමක් සිත් චංචල වෙයි. සිරස ගත රෝග සාදයි.
$ads={2}
කටක
ප‍්‍රබෝධමත්ව දවස කි‍්‍රයා කරයි. ප‍්‍රීති සාද සුහදතා වර්ධන කි‍්‍රයා ආදියෙහි යෙදේ. නවක මිතුදම් ඇති වන අතර තම ඇසුරු කරන්නන් අතර ප‍්‍රධාන වෙයි. හදිසි ධනලාභ ලැබීම් වලට හේතුයි. ආමාශ ගත රෝග වලට හේතුයි.
සිංහ
ශුභාශුභ ඵලදෙයි. කි‍්‍රයාශීලී දිනකි. දහමට ලැදිව කි‍්‍රයා කරයි. ආගමික වතාවත් ගරුකරන අතර තම ඥාතීන් ද දහමට යොමු කරවන කි‍්‍රයා දියත් කරයි. හදිසි ධනලාභ ගෙන දෙයි. සිරස ගත රෝග වලට හේතුයි.
කන්‍යා
නිදහස් මනසින් කි‍්‍රයා කරයි. පොදු සේවා කටයුතු දහම් සේවා කි‍්‍රයාවැනි දේවලට යොමු වෙයි. පූජ්‍ය පක්‍ෂය සමඟ ඉතා ලැදි බවක් පෙනේ. මහජන ප‍්‍රසාදයට පත්වන දිනකි. හදිසි ලාභ ද ලබයි. ස්නායු ගත රෝග නහර වේදනා ඇති වෙයි.
තුලා
සුපුරුදු කි‍්‍රයාවන් ගෙන් දුරස්ථව කි‍්‍රයා කරන අතර පොදු සේවා සමාජ සත්කාරක කි‍්‍රයා ආදියෙහි යෙදේ. තව ද ධර්මානුකූලව කි‍්‍රයා කරයි. ආගමික වතාවත් පුද පූජා ආදියෙහි යෙදේ. අමතර ලාභ ලබයි. සෙම් කෝප රෝග මතු වේ.
වෘශ්චික
තම ඥාති මිත‍්‍රාදීන් ඒකරාශීව කි‍්‍රයා කරයි. තම නිවස සුළුවෙන් හෝ උත්සවශ‍්‍රියාවක් ගෙන දෙයි. නවක මිතුදම් පේ‍්‍රම සබදතා ඇති වෙයි. ආගමික වතාවත් පුද පූජා ආදියෙහි යෙදේ. මුත‍්‍රා ආසාදන මතු කරයි.
ධනු
ශුභවාදී ඵලමතු කරයි. උනන්දුවෙන් හා උද්යෝගයෙන් රැකියා වල යෙදේ. තත්ත්වයේ උසස්වීමකට හේතුයි. දහමට ලැදිව කි‍්‍රයා කරයි. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත කි‍්‍රයා කරයි. සන්ධි රෝග ස්නායු ගත රෝග වලට හේතුයි.
මකර
ශුභඵල ගෙන දෙයි. තම අරමුණු ජය ගනී. රැුකියා ලාභ ලැබීම් වලට හේතුයි. ව්‍යාපාරවල දියුණුවකට හේතුයි. උසස් අය ඇසුරට පත් වෙයි. පේ‍්‍රම සබඳතා වර්ධනය වෙයි. සෙම් බහුල වීමෙන් රෝග සාදයි.
කුම්භ
තරමක් ශුභවාදී ඵල මතු කරයි. ගමන් බිමන් බහුල වෙයි. රාජකාරි අතපසුවීම් වලට හේතුයි. තරමක් ආවේගශීලී ගති ඉස්මතු කරයි. දහමට ලැදිව කි‍්‍රයා කරයි. මෞත‍්‍ර ලිංගික පද්ධතියේ රෝග වලට හේතුයි.
මීන
ශුභාශුභ මිශ‍්‍රඵල මතු කරයි. විනෝදජනක කටයුතුවල යෙදේ. දුරස්ථව සිටි මිතුරන් සමීප වෙයි. රැුකියාවල උනන්දුවෙන් යෙදේ. තම ව්‍යාපාරවල දියුණුවක් පෙනේ. සන්දි රෝග, වාත වේදනා මතු කරයි.