Litro ගෑස් වෙළඳපොළට නිකුත් කිරීම අත්හිටුවයි

නැවත දැනුම් දෙන තුරු ගෑස්, වෙළඳපොළ වෙත නිකුත් කිරීම අත්හිටුවීමට ලිට්‍රෝ සමාගම තීරණය කර තිබේ.

එම සමාගම පවසන්නේ, මේ වන විට වෙළඳපොළට බෙදා හැර ඇති ගෑස් සිලින්ඩර පමණක් තවදුරට ත් අලෙවි වන නමුත් අලෙවි නියෝජිතයින් වෙත නව ගෑස් තොග සහ සිල්ලර වශයෙන් නිකුත් කිරීම ඒ අනුව අත්හිටුවනු ඇති බව ය.

$ads={2}

එහි කර්මාන්ත ශාලාවේ සිදු කෙරෙන අලුත්වැඩියා කටයුත්තක් සහ ගෑස්වල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් සිදු කරනු ලබන පරීක්ෂා කිරීම් හේතුවෙන් මෙලෙස බෙදාහැරීම අත්හිටවූ  බව එම සමාගම පැවසීය.

ගෑස් සිලින්ඩර යළි නිකුත් කිරීම බොහෝ දුරට අද හෝ හෙට දිනය ඇතුළත යථාතත්වයට පත් වනු ඇති බව ද එම සමාගම වැඩිදුරට ත් සඳහන් කළේ ය.

Post a Comment (0)
Previous Post Next Post