නානුඔය මත්පැන් හලක තවත් ගෑස් පිපුරුමක්


නුවරඑළිය, නානුඔය නගරයේ මත්පැන්හලක මුළුතැන්ගෙයි තිබු ගෑස් ලිපක පිපිරීමක් අද (01) සිදුව තිබේ.

මෙම පිපිරීමෙන් ගෑස් ලිපට සවි කොට තිබු රේගුලේටරය, ගෑස් සිලින්ඩරයෙන් ගැලවී ගොස් බිත්තියේ වැදුන බවත්, ඉන් පසුව ගෑස් සිල්න්ඩරය බිම පෙරලී එහි තිබු ගෑස් සියල්ල විනාඩි 15 ක් පමණ කාලයක් තුල එළියට ගිය බවත් මත්පැල්හලේ සේවකයන් පවසයි.

$ads={2}

අද (01) දින අලුත්ම ගෑස් සිලින්ඩරයක් මෙසේ ලිපට සම්බන්ධ කර කෙටි වෙලාවක් තුල මෙම පිපිරීම සිදු වු බව පවසන ඔවුන්, මේ පිළිබඳව අදාල ගෑස් සමාගමේ ප්‍රාදේශීය නියෝජිතයාට දැනුම් දීමට පියවර ගෙන ඇත.

-ක්‍රිෂාන්තන්

Post a Comment (0)
Previous Post Next Post