දේව බලයෙන් කාන්තාවන්ට දරුඵල ලබාදීමට ගිය හොර කපුවා කපෝති


විවාහ වී කලක් ගතවී දරුඵල අහිමි කාන්තාවන්ට දේව බලයෙන් දරුඵල ලබාදෙන බව පවසමින් විවාහක කාන්තාවන් තිදෙනෙකුගෙන් රුපියල් ලක්‍ෂ 03 කට අධික මුදලක් වංචා කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් වූ නඩු තුනකට වැරදිකරුවන් වූ මිනුවන්ගොඩ ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන ගිය කපුවෙකු හා ඔහුගේ බිරිඳට දඬුවම් නියම කිරීම ගම්පහ මහෙස්ත්‍රාත්වරයා ජනවාරි මස 24 වනදා දක්වා කල්තබන ලදී.

ශී‍්‍ර භද්‍රකාලි නමින් දේවාලයක් පවත්වාගෙන යන සැකකරු හා ඔහුගේ බිරිඳ දෙවියන් ඔවුන්ට නියම කළ රහස් බෙහෙතක් බව පවසා එම කාන්තාවන් තිදෙනාට විවිධ වර්ගයේ බෙහෙත් පානය කිරීමට සලස්වා තිබේ.

එම බෙහෙත් පානය කිරීමේදී එම කාන්තාවන්ගේ මාසික ඔසප්වීමද නැවතී දිනෙන් දින උදර ප්‍රදේශය විශාල වීමට පටන්ගෙන ඇති බැවින් එම කාන්තාවන් සිතා ඇත්තේ ඔවුන් ගර්භනීභාවයට පත්වී ඇති බවයි. 

කපුවා කාන්තාවන්ට පවසා තිබෙන්නේ දෙවියන් විසින් දුන් දරුවන් නිසා කිසිදු වෛද්‍ය පරීක්‍ෂණයකට භාජනය නොවන ලෙසත් තමා පවසන දිනයකදී රෝහල් ගතවන ලෙසටත්ය. 

කපුවා සඳහන් කල දින රෝහල් ගත වූ කාන්තාවන් පරීක්‍ෂා කළ වෛද්‍යවරුන් නිගමනය කර තිබෙන්නේ එම කාන්තාවන් ගැබ්ගෙන නොමැති බවයි.

කපුවා දුන් බෙහෙත් වර්ග පානය කිරීමෙන් එම කාන්තාවන්ට කොලෙස්ටර්රෝල්, රුධිරයේ සීනි වැනි අතුරු ආබාධ රැසක්ද හටගෙන ඇත.

තමන් වංචාකරුවෙකුට හසු වී ඇති බව දැනගත් කාන්තාවන් ගම්පහ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් කපුවා හා ඔහුගේ බිරිඳට විරුද්ධව ගම්පහ අධිකරණයේ නඩු පැවරීමට පොලිසිය කටයුතු කර තිබුණි.

$ads={2}

මෙම කපුවා දේවපූජා පැවැත්වීමට හා බෙහෙත් ලබාදීම සඳහා එක් කාන්තාවකගෙන් රුපියල් ලක්‍ෂයකට වඩා වැඩි මුදලක් ලබාගෙන ඇති බව පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණයවී ඇත.

Post a Comment (0)
Previous Post Next Post