දළදා මාලිගාවට බෝම්බ ගැසූ කොටි සාමාජිකයාගේ දියණියට උපහාර උත්සවයක් මහනුවර හෝටලයක සංවිධානය කරලා..


ශ්‍රී දළදා මාලිගාවට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු දැනට මරණ දඬුවම නියම වී සිටින කොටි සාමාජිකයාගේ දියණියට සම්මානයක් පිරිනමා උපහාර පිදීමට සූදානම් කර තිබූ උත්සවයක් අත්හිටුවමින් අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

මහනුවර ප්‍රදේශයේ දී මෙම උත්සවය සංවිධානය කර තිබූ අතර මහනුවර පොලිසිය විසින් අධිකරණය හරහා මෙම තහනම් නියෝගය ලබාගෙන ඇත.

මහනුවර ප්‍රදේශයේ තවත් එක්තරා ආගමික සංවිධානයක් විසින් පවත්වාගෙන යන මානව හිමිකම් සංවිධානයක් විසින් මහනුවර ප්‍රදේශයේ හෝටලයක දී එළැඹෙන මාසයේදී මෙම උපහාර උත්සවය සංවිධානය කර තිබූ බවද වාර්තා වෙයි.

$ads={2}
Post a Comment (0)
Previous Post Next Post