තුලා
ධනය - නව ආදායම් මාර්ග ඇති වේ. නමුත් පවතින ආදායම් මාර්ග රැක ගත යුතු වේ.
රැකියාව - උත්සහයෙන් කරන රැකියා ව්‍යාපාරවල දියුණුව ඇති වේ. හවුල් කටයුතුවලදී අන් අයට ද ඇහුම්කන් දී ඉවසිලිමත් භාවයෙන් කටයුතු කළ යුතු වේ. රැකියාවේ තනතුරුවල මාරුවක් සිදු විය හැකි ය.
ගෘහ ජීවිතය - දරුවන්ගේ ජයග්රහන නිසා සතුට ඇති කරයි. දේපළ, ඉඩකඩම් ලාභ ඇති වේ. නිර්මාණාත්මක හැකියාවක් වර්ධනය වේ. විශිෂ්ට නිර්මාණයක් බිහි කිරීමට හැකියාව පවතී. කතාවේදී වචන පරිස්සමින් භාවිත කළ යුතු ය. ළගම මිතුරන් අවශ්‍යදේට පමණක් ඇසුරු කිරීම සුභයි. වැඩිහිටියන් ගෙන් උදව් උපකාර ලබා ගෙන සාර්ථක විය හැකි ය. ගිවිසුම්, ඇප සදහා අත්සන් කිරීමේ දී සැළකිලිමත් වී කටයුතු කිරීම වැදගත් වේ. අවිවාහක අයට මංගල යෝග උදා වේ. වැඩි වශයෙන් ප්‍රතිවිරුද්ධ ලිංගිකයන් සමග ඇසුරට සිත් යෙද වේ. ඒමනිසා අලුත් දේවල්වලට වැඩිය කලින් සිට තිබූ දේවල්වලට උනන්දු වී ඒ්වා ලබා ගැනීම සිදු වන කාලයකි.
අධ්‍යාපනය - ඉතා හොදින් පොත පත පිළිබද අවධානය යොමු කර සාර්ථකත්වය ලබා ගන්න. වෙනත් දේ පිළිබද සිත යෙදවීම් පාලනය කර ගත යුතු වේ.
සෞඛ්‍ය - වේගය, හදිස්සිය, ඉක්මන, විශේෂයෙන් වසරේ මුල් මාස හතර තුළ පාලනය කර ගත යුතු වේ.
ශාන්ති කර්ම - පොදුවේ තුලා ලග්නධාරීන් සිකුරාදා දිනක දවල් 1.00ත් 2.00ත් අතර කාලයේ දී දුප්පත් ගැහැණු දරුවෙකුට සුදුපාට වස්ත්‍රයක් දන් දී ග්රහඅපල තත්ත්වයන් මග හරවා ගන්න.
වෘශ්චික
ධනය - ධන ලාභ ඉතා හොදින් ලැබෙන වර්ෂයකි. ආයෝජනවලට ඉතා හොද ප්රතිලාභ ලැබේ.
රැකියාව - රැකී රක්ෂා කටයුතු ඉතා හොදින් දියුණු වේ. නව තනතුරු ලාභ උසස්වීම් ලැබිය හැකි ය.
ගෘහ ජීවිතය - ප්‍රතිවිරුද්ධ ලිංගිකයන් සමග හොද සම්බන්ධතා ඇති වේ. සතුරන් පරාජය කොට අභිප්රායන් සඵල කරගත හැකි වේ. අවිවාහකයන්ට ආදරණිය ප්‍රබල මංගල යෝග උදා වේ. මුදල් යොදවා කරන ආයෝජනවලින් යම් සාර්ථකත්වයක් හෝ ලැබේ. ධෛර්ය, උත්සහය, වීර්යත්වය වර්ධනය වේ. හිතුවක්කාර ගති පාලනය කර ගත යුතු වේ. උසස් අයගේ ඇසුර වැඩි වේ. දේපළ, ඉඩකඩම් යානා වාහන වාසනාව ලැබේ. අලුත් හිත මිත්‍රාදීන්ගේ ඇසුර ලැබේ. පරම්පරාවෙන් හිමිවීමට තිබූ දේපළක් ලැබීමට ඇති විය හැකි ය. දරුඵල ලාභ හොදින් ලැබෙන කාලයකි. ප්‍රීතිමත් ප්‍රිය සම්භාෂණ සදහා සහභාගී වීමට අවස්ථාව ලැබේ. ගෘහ ජීවිතය සාමකාමීව සතුටුදායකව ගත කිරීමට අවස්ථාව ලැබේ.
අධ්‍යාපනය - තරග විභාගවලින් ජයග්‍රහණ ලැබේ. ශිෂ්‍යත්ව ආදිය ලැබීමට ද හැකි ය.
සෞඛ්‍ය - සමස්තයක් ලෙස ශරීරය නිරෝගී වේ.
ශාන්ති කර්ම - පොදුවේ වෘශ්චික ලග්නධාරීන්ට අගහරුවාදා දිනක රාත්‍රී 8.00ත් 9.00ත් අතර රතුපාට මල් වැඩිපුර කඩාගෙන චෛත්‍යක් හෝ බෝධියක් ළගට ගොස් පැන් කළ 7ක් බෝධීන් වහනන්සේට තැම්පත් කර, පහන් නවයක් පත්තු කර, බෝධි පූජාවක් කිරීමෙන් ඒ් පිං කතරගම දෙවියන්ට සහ දැඩිමුණ්ඩ දෙවියන්ට අනුමෝදන් කිරීමෙන් සුභ ඵල තවත් වැඩි කර ගත හැකි ය.
ධනු
ධනය - තැම්පත් ධනය ක්ෂය විය හැකි ය. ආදායම් ලැබීම හොද ය. නමුත් ලැබෙන ආදායමට වඩා වියදම වැඩි වේ. ඒම නිසා බුද්ධිමත්ව කටයුතු කළ යුතු වේ.
රැකියාව - රැකියාවේ යම් යම් වෙනස්වීම්, වැඩිපුර වගකීම් ඇතිවීම් සිදු විය හැකි ය. වරින් වර රැකියාවේ සතුරු බාධක ක්‍රියාත්මක වීමට ද හැකි ය. සමස්තයක් ලෙස ධනය සහ රැකියා කටයුතු සුභ වුවද ඒ් හා සමානව ම වඩාත් අවධාරාණාත්මකව ඒ් පිළිබද කටයුතු කිරීමට සිදු වේ.
ගෘහ ජීවිතය - ණයට දීමට හෝ ණයට ගැනීම සිදු නොකළ යුතු ය. ඒසේ කරනවා නම් ඒය නීත්‍යනුකූල වන ආකාරයට සිදු කර ගත යුතු වේ. හදිසිවීම් මගින් අනතුරු සිදු විය හැකි ය. දේපළ ඉඩකඩම් පිළිබද මතභේද ඇති විය හැකි ය. හොද නිවසක් හෝ නිවස නවීකරණය කර ගැනීමට අවස්ථාව ලැබේ. පොළව, භූමිය පිළිබද කටයුතු කරන්නන්ට හොද ලාභ ලැබිය හැකි ය. අවශ්‍ය දේට මෙන් ම අනවශ්‍ය දේට ද නිතර ගමන් බිමන් ඇති විය හැකි ය. තදබල නින්දා අපහාස නොලැබුණත් කීර්ති නාමය පළුදුවන සුලු සිදුවීම් ඇති විය හැක. භාර්යාව හෝ ස්වාමියා සමග වෙනදාට වඩා මතභේද ඇතිවිය හැකි ය. අන් අයට උදව් කිරීමට පෙළඹේ. සතුරන් ඊර්ෂ්‍යා විය හැකි කාලයකි. නමුත් සතුරන්ට බිය විය යුතු නැත. නිර්මාණාත්මක හැකියාවන් වර්ධනය වේ. අවිවාහක අයට බොහෝ විට හොද මංගල යෝග උදා වේ.
අධ්‍යාපනය - වෙනදාට වඩා අධ්‍යාපන කටයුතු සදහා මහන්සි වී කටයුතු කර සාර්ථක විය යුතු ය.
සෞඛ්‍ය - අවුරුදු හත හමාරක සෙනසුරු ඒ්රාෂ්ටක අඵලය අප්‍රේල් මාසයේ දී නිමාවට පත් වේ. ලේ, මාංශපේශී, තුවාල සම්බන්ධව සැළකිලිමත් විය යුතු ය.
ශාන්තිකර්ම - බ්‍රහස්පතින්දා දිනක උදේ 6.00ත් 7.00ත් අතර ධාන්‍යවලින් පිසින ලද ආහාරයක් දුගී මගී යාචකයන් තුන් දෙනෙකුට දන් දෙන්න.
මකර
ධනය - ධනය ලැබීමට හොදම වර්ෂයකි.
රැකියාව - රැකියාවෙන් ලැබෙන ආදායම කොපමණ වැඩි වුව ද අධික ලෙස මුදල් වියදම් විය හැකි ය.
ගෘහ ජීවිතය - තමාගේ කතාවේ ආකර්ෂණීය බවක් ඇති වේ. වාහනයක් ගැනීමට සිටි අයට වාහනයක් ගැනීමට හොද කාලයකි. ප්‍රිය සම්භාෂණ සදහා සතුටින් සහභාගී වේ. විවිධ අය සමග තද බල හිතවත්කම් ඇති විය හැකි ය. හිතුවක්කාර ගති නිසා අවාසි සිදු විය හැකි ය. පොළව සම්බන්ධ කටයුතු වලින් ලාභ ලැබිය හැකි ය. තම මතයට ම කටයුතු නොකර අන් අයට ද ඇහුම්කන් දිය යුතු ය. විදේශගත වීමේ බලාපොරොත්තු ඉටු වේ. ගමන් බිමන් යාමේ දී අතිශය කල්පනාකාරී විය යුතු ය. විවාහ වන වයසේ සිටින අයට සුදුසු මංගල යෝග ද උදා වේ. විනෝදය වෙනුවෙන් පංචේන්øsයන් පිණවීම පිණිස වැඩිපුර මුදල් යෙදවිය හැකි ය. නිසියාකාරව කාලසටහනකට අනුව කටයුතු කිරීමට පුරුදු විය යුතු ය. ආගමට දහමට ඇති ලැදියාව වැඩි වේ.
අධ්‍යාපනය - අධ්‍යාපන කටයුතු සම්බන්ධව වෙනදාට වැඩිය උනන්දුවෙන් උත්සහයෙන් කටයුතු කිරීමෙන් සාර්ථක විය හැකි ය.
සෞඛ්‍ය - හෘදයාබාධ ඇති අය ඒ් පිළිබද සැළකිලිමත් විය යුතු ය. වාත රෝග ආදී නිසා පීඩාකාරී තත්ත්වයක් ඇති විය හැකි ය.
ශාන්ති කර්ම - පොදුවේ මකර ලග්නධාරීන් සෙනසුරාදා දිනක රාත්‍රී 8.00ත් 9.00ත් අතර නිල්මල් හතක් කඩා ගෙන ළගම ඇති පන්සලට ගොස් බෝධි පූජා සිදු කොට ශ්‍රී විශ්ණු දෙවියන් ඇතුලු පින් බලාපොරොත්තු වන සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට පින් අනුමෝදන් කිරීමෙන් අපලකාරී ත්ත්ත්වයන් මග හරවා ගන්න.
කුම්භ
ධනය - මිළ මුදල් ලාභ ලැබෙන තැම්පත් ධනය වර්ධනය වන වර්ෂයකි. වෙළද ව්‍යාපාරවලින් දියුණුව ලබයි.
රැකී රක්ෂා - රැකියාවේ යම් ස්ථිර මාරුවක් සිදු විය හැකි ය.
ගෘහ ජීවිතය - නොයෙක් ක්‍රම වලින් ලාභ ආදායම් ලැබිය හැක. හදිසි වේගවත් ගති වර්ධනය වේ. පොළව, භූමියෙන් ලාභ ලැබේ. රාජ්‍ය ආරක්ෂක අංශ තුළ සිටින අයට නියමිත උසස්වීම් ලැබිය හැකි ය. රාජ්‍ය ආරක්ෂක අංශවලට යාමට සිටින අයට ඒ් කටයුතු සාර්ථක කර ගත හැක. ආගමට දහමට වැඩිපුර නැඹුරු වේ. මිතුරු මිතුරියන් වැඩි වේ. ප්‍රිය සම්භාෂණ සදහා ඇරයුම් ලැබේ. වැඩිහිටියන්ගෙන් උදව් උපකාර ලැබේ. තම පරිණතභාවය වැඩි වේ. වෘත්තිය තුළ උපදේශකයෙකු ලෙස කටයුතු කරයි. මානුෂීය ගතිගුණ වර්ධනය වේ. ඊර්ෂ්‍යා කරන්නන් ඇති වේ. බොහෝ අයට දන් දීම සිදු කරයි. අධ්‍යාත්මය නැමැති අත්හැරීම වර්ධනය කර ගනී. අවිවාහකයින්ට මංගල යෝග උදා කරයි. සහෝදරයින් ඇසුරු කිරීමේ දී මතවාදී ප්‍රශ්න ඇති විය හැකි ය.
අධ්‍යාපනය - විදේශගත අධ්‍යාපනයක් ලැබිය හැකි ය. හොද ගුරුවරුන් පොත්පත් ලැබෙන කාලයකි.
සෞඛ්‍ය - දියවැඩියාව නිදන් ගත රෝග ඇත්නම් තරමක් දුරට සැළකිලිමත් විය යුතු ය.
ශාන්ති කර්ම - පොදුවේ කුම්භ ලග්නධාරීන් සෙනසුරාදා දිනක රාත්‍රී 8.00ත් 9.00ත් අතර අසනීප වූ දුගී මගී යාචකයෙකුට මසකට සරිලන ලෙස බෙහෙත් දන් දීමෙන් අපලකාරී තත්ත්වයන් මග හරවා ගත හැකි ය.
මීන
ධනය - ධන ලාභ ලැබේ. ඒහෙත් අධික මුදල් වියදම් වේ.
රැකියාව - රැකියාව කලාත්මකව කිරීමට පෙළඹේ. රැකියාව, ව්‍යාපාරය ක්රමානකූලව දියුණු කර ගත හැකි ය.
ගෘහ ජීවිතය - කෙටි ගමන් බිමන් බහුල වේ. ගමන් බිමන් යාමේ දී ප්‍රවේශම් විය යුතු ය. කලබල ගති ඇති වේ. ප්‍රවේශම් විය යුතු ය. සමාජයේ පිළිගැනීම් ඇති වේ. ප්‍රවේශම් විය යුතු ය. නඩුහබවලදී ප්‍රවේශම් වන්න. පොළිස් උසාවිවල දී අවාසි සිදු විය හැකි ය. තද ලෙස රාගික හැගීම් ඇති විය හැකි ය. රහසිගත සම්බන්ධතා ඇති වේ. අලුත් පිරිසත් ඇසුරු කිරීමට ලැබේ. මහළු අයගේ උදව් උපකාර ලැබේ. උසස් අයෙකුගේ ඇසුරක් ලැබිය හැක. මංගල යෝග උදා කරයි. නින්දට බාධා ඇති විය හැක. අතරමග නවතා තිබූ වැඩ කටයුතු නැවත පටන් ගත හැකි වේ. නිතර ප්‍රීතිමත් ගමන් යෙදීම තුළින් සතුට ලැබේ.
අධ්‍යාපනය - අලුත් දේ ඉගෙනීමට ලැබේ. විද්‍යා ගණිත අංශයෙන් ඉගෙන ගන්නා අයට විශේෂයෙන් ජයග්රහන ලැබේ. වර්ෂයේ මැද කාලයෙන් පසු උනන්දුව හීන වන බැවින් වඩ වඩාත් උනන්දුව ඇති කර ගත යුතු වේ.
සෞඛ්‍ය - හිරිවාත අමාරු ආදිය ඇති විය හැක. අතුල් පතුල් පාදවල බාධා තත්ත්ව ඇති විය හැකි ය.
ශාන්ති කර්ම - පොදුවේ මීන ලග්නධාරීන් බ්‍රහස්පතින්දා දිනක මුං ඇටවලින් පිසින ලද ආහාරයක් ඉතා අසරණ පවුලකට උදේ 6.00ත් 7.00ත් අතර දන් දීමෙන් අපලකාරී තත්ත්වයන් මග හරවා ගන්න.
ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී,
ජෝතිෂ්‍ය පරාසර භූමිබල අධිසම්මානලාභී,
ජෝතිෂ්‍ය පරම හංස සම්මානලාභී,
අංක ශාස්ත්‍ර,
දිමුත් රංගන. (076- 9983045)
$ads={2}