2022 වසරේ සම්පූර්ණ ලග්න පලාපල - ලබන්නා වූ අලුත් අවරුද්ද ඔබේ ලග්නයට කොහොමද - පළමු කොටස

මේෂ

ධනය -  ආදායම් ක්‍රමයෙන් වර්ධනය වේ. මූල්‍යමය වාසි ලැබේ. 

රැකියාව - ව්‍යාපාරයන්හි දියුණුව ක්‍රමයෙන් ලැබෙන වර්ෂයකි. රැකියාවේ උසස් වීම් වැටුප් වර්ධනය වීම් ඇති වේ. රැකියා අපේක්ෂා කරන්නන්ට සුදුසුකම්වලට සරිලන රැකියා ලැබිය හැක තනතුරු උසස් වීම් ලැබිය හැකි ය. 

ගෘහ ජීවිතය - ප්‍රීතිමත් සැනසිලිදායක කාලයක් උදා වේ. පවුල් ජීවිතයේ සිතට සැනසීම සහනය ලැබේ. උසස් තත්ත්වයේ ආහාරපාන, ඇදුම් පැළදුම්, යානවාහන ලැබේ.’ සුඛෝපභෝගී ’ජීවිතයක් භුක්ති විදිය හැකි ය. දරුවන් අපේක්ෂා කරන අයට වාසනාවන්ත දරුවන් ලැබේ. සුදුසු වයස නම් විවාහ කටයුතු සිදු වේ. නැතහොත් අනියම් කම් සැප වුවද ලැබිය හැකි ය. 

අධ්‍යාපනය - අධ්‍යාපන කටයුතුවල ක්‍රමානුකූල දියුණුවක් ලබයි. උසස් අධ්‍යාපන කටයුතු සදහා දුර බැහැර පළාත්වලට යාමට හෝ විදේශගත වීමට අවස්ථාව ලැබේ. 

සෞඛ්‍ය -  අමනුෂ්‍ය බලපෑම්වලින් ප්‍රවේශම් විය යුතු ය. බොහෝ විට ඹබ පෙර සිට අමනුෂ්‍ය බලපෑම් වලට නතු වී සිටින අයෙක් නම් ඒ් පිළිබද සැළකිලිමත් විය යුතු ය. කලක සිට පැවති රෝගවලින් සුවය ලැබේ. ලිංගික ආසාධන, මුඛ ආසාධන වැනි රෝග ඇති විය හැකි ය. නමුත් සමස්තයක් ලෙස ශරීර සනීපය සුභ වේ. 

ශාන්ති කර්ම - පොදුවේ මේෂ ලග්නධාරීන් අගහරැවාදා දිනක වැඩිපුර රතුපාට මල් කඩාගෙන ගොස් රාත්‍රී  8.00ත් 9.00ත් අතර තමාගේ ළගම විහාරස්ථානයේ බෝධි පූජා සිදු කොට යම් යම් අපලකාරී තත්ත්වයන් අඩු කර ගන්න. 

වෘෂභ

ධනය - ක්‍රමානුකූලව ධනය වර්ධනය වන වර්ෂයකි. ක්‍රමානුකූලව දියුණුවක් ලබයි. ගුරු මහ දශා  අතුරු මහ දශා ගත කරන අයට වර්ෂයේ මැද භාගයේ සිට රැකියාවේ ඉහළ වැටුප්  වර්ධනයක්  විශේෂයෙන් ම ගුරු මහ දශා, අතුරු මහ දශා ගත කරන්නන්ට ඇති වේ. සමස්තයක් ලෙස සියලු වෘෂභ ලග්නධාරීන්ට විදේශගත වීම් හරහා ධනය ලැබිය හැකි ය. ආනයන අපනයන සම්බන්ධව විශේෂ  ආදායම් ලාභ ජනිත කරයි. වසර මැද භාගයේ සිට ආදායම සේම වියදම වැඩි වීමට කටයුතු  යෙදෙන බැවින්  ඒ් පිළිබද සැළකිලිමත් විය යුතු ය. 

රැකියාව - රැකියා විරහිත, රැකියා අපේක්ෂාවෙන් සිටින්නන්ට සුදුසුකම් මත රැකියා ලැබීමට ද අවස්ථාව උදා වේ. 

ගෘහ ජීවිතය - නොයෙක් ක්‍රම වලින් වසර මැද භාගයෙන් පසු වාසි ගෙන දෙන වාසනාව උදා වේ. නමුත් නැති නාස්ති සිදුවීම් ද වන බැවින් ඒ් පිළිබද සැළකිලිමත් වන්න. අලුත් ඥාති හිත මිත්‍රා දී  සම්බන්ධතා හෝ පරණ සම්බන්ධතා අලුත් වීමක් හෝ සිදු වේ. අතරමග නවතා තිබූ කටයුතු ජවසම්පන්න ලෙස නැවත පටන් ගැනීමට හැකියාව ලැබේ. උසස් අයගේ ඇසුර වැඩි වේ තනි මතයට වැඩ කිරීමට යාමේ දී අවාසි සිදු විය හැකි ය. 

අධ්‍යාපනය - සමස්තයක් ලෙස අධ්‍යාපන කටයුතු සුභ යි. වසර මැද භාගයෙන් පසු අධ්‍යාපනයට ඇති උනන්දුව අඩු විය හැක. අධ්‍යාපන කටයුතු සම්බන්ධව විදේශගත වීමට අවස්ථා ද ඇති විය හැකි ය. වසර මැද භාගයේ සිට විශේෂයෙන් අධ්‍යාපන කටයුතු පිළිබද උනන්දු වී තරග විභාගවලින් ජයග්‍රහන ඇති කර ගැනීමට ද හැකි ය. 

සෞඛ්‍ය - පාදවල දණහිස් ආබාධ ඇති විය හැකි ය. මුත්‍රා රෝග ඇති විය හැකි ය. 

ශාන්ති කර්ම - පොදුවේ වෘෂභ ලග්නධාරීන් සිකුරාදා දිනක සුදු හාලින් පිසූ ආහාරයක් දුගී මගී යාචකයෙකුට දන් දෙන්න. 

මිථුන

ධනය - හිමිවිය යුතුව තිබූ ධනයක් ලැබිය හැකි ය. ලැබීම්වලට ඉතා සුභ වර්ෂයකි. 

රැකියාව - ආදායම් වර්ධනය වීමක් සිදු වේ. වෙළද ව්‍යාපාරවලින් ද ලාභ ලැබේ. 

ගෘහ ජීවිතය - තමාගේ ආගම දහම වෙනුවෙන් පිං කටයුතු සදහා වැඩි කාලයක් යොදවයි. ප්‍රීතිමත් දුර බැහැර ගමන් බිමන්, වන්දනා ගමන් යෙදිය හැක. ඒ්කාකාරී බවින් මිදී පිට පළාතක වාසයට යාමට සිත් දේ. හිතවතුන්ගේ ඇසුර වැඩි වේ. සුදුසු වයසේ නම් ආදරණීය මංගල යෝග උදා වේ. විදේශගත වීමට සිටියා නම් ඒ කටයුතු සාර්ථක වේ. පවුලට කලින් හිටපු සාමාජිකයකු නැවත ඒක්වීමක් හෝ අලුත් සාමාජිකයෙක් ඒක් වීමක් සිදු විය හැකි ය. ගෘහ ජීවිතය සැනසිලි දායක වේ. 

අධ්‍යාපනය - උසස් ඉගෙනුම් සදහා යොමු වේ. විදේශගත වී අධ්‍යාපනය ලැබීමට ද හැකි ය. තරග විභාගවලින් ඉහළ ජයග්‍රහන ලැබිය හැකි ය. 

සෞඛ්‍ය - සෙනසුරු මහ දශා, අතුරු දශා ගත කරන්නන්ගේ ඒ්රාෂ්ටක කාලය අප්‍රේල් මාසයේ ගෙවෙන බැවින් වසරේ පළමු මාස හතර ශරීර සෞඛ්‍ය, මානසික සෞඛ්‍ය පිළිබද සැළකිලිමත් විය යුතු ය. ස්නායු සම්බන්ධ සුලු ආබාධ තත්ත්ව ඇති විය හැකි ය. 

ශාන්ති කර්ම - පොදුවේ මිථුන ලග්නධාරීන් බදාදා දිනක කොහොඹ ගසක් සිටුවීම හෝ කොහොඹ ගසකට ආවතේව කර අපලකාරී තත්ත්වයන් මග හරවා ගන්න. 

කටක

ධනය - ධනලාභ ලැබෙන වර්ෂයකි. වෙළඳ ව්‍යාපාරවලින් ලාභ ලැබේ. 

රැකියාව - නව රැකියා ලාභ ලැබේ. තනතුරු උසස්වීම් ආදිය බලාපොරොත්තු විය හැක. වසර මැද භාගයෙන් පසු රැකියාවේ සුළු වෙනස්වීම් හෝ මාරුවීම් බලාපොරොත්තු විය හැක. එසේ වුව ද උත්සාහවන්ත වීම තුළින් වසර මැද භාගයෙන් පසුව රැකියාවේ හිමිතැන ලබාගත හැකි ය. 

ගෘහ ජීවිතය - විවාහකයන්ට අනියම් ස්ත්‍රී, පුරුෂ සම්බන්ධතා ඇතිවිය හැක. තමාට වඩා වයසින් වැඩි අය සමග ඇසුරුකම් වැඩි වේ. අධික උත්සාහයෙන් කරන වැඩ කටයුතු සාර්ථක වේ. දැඩි ආත්ම විශ්වාසයෙන් කටයුතු කළ යුතු වේ. සතුරු බිය ඇති විය හැකි බැවින් එය මැඩ ගැනීමෙන් සාර්ථකත්වයට ලඟාවිය හැක. තමාගේ ලඟම ඥාතියෙකුට හෝ හිතවතෙකුට තදබල අපලකාරී තත්ත්වයක් ඇතිවිය හැක. දේපළ සහ ස්ථානීය වශයෙන් ලාභ ප්‍රයෝජන ලැබේ. පිට පළාත් සමග කරන කටයුතු වලින් ලාභ ප්‍රයෝජන ලැ‌බේ. අලුතින් කටයුතු ආරම්භ කිරීමේ දී සැලකිලිමත් වී කටයුතු කරන්න.

අධ්‍යාපනය - ගුප්ත ශාස්ත්‍රීය කටයුතු කරන්නන්ට ඉතාමත්ම සුභ වර්ෂයකි. සැඟවී ඇති දේ ගැන රහසිගත පරීක්ෂණ සිදු කිරීමට ඉගෙනීමට පෙළඹිය හැකිය. 

සෞඛ්‍ය - යම් ඒරාෂ්ටක අපලකාරී තත්ත්වයක් ඇති කරන වර්ෂයකි. උදරාබාධ, තෙල්, පිත සම්බන්ධ රෝග ඇතිවිය හැකි ය.

ශාන්තිකර්ම - පොදුවේ කටක ලග්නධාරීන් සඳුදා දිනක ගිලන් වී සිටින සිල්මාතාවකට බෙහෙත් ඖෂධ පූජා කොට අපලකාරී තත්ත්වයන් මග හරවා ගන්න. 

සිංහ

ධනය - ධන ලාභ ලැබේ. ණය ගණුදෙනු වලින් නිදහස් විය හැකි කාලයකි. ගුරු මහ දශා, අතුරු දශා ගතකරන්නන්ට විශේෂයෙන් මුදල් ලාභ ලැබිය හැකි ය. 

රැකියාව - රැකියා කටයුතු සුභ වේ. නමුත් රැකියාවෙන් උපයන මුදල් අනවශ්‍ය ලෙස වියදම් විය හැකි බැවින් සැලකිලිමත් වන්න.

ගෘහ ජීවිතය - තමගේ ගෞරවයට හානි සිදුවිය හැකිය. උගත් , වැදගත් අයගේ ඇසුර වැඩිවන කාලයකි. ජංචකාමය පිනවීම සඳහා මුදල් වැය කරයි. සුදුසු වයස නම් වාසනාවන්ත මංගල යෝග උදා කරයි. ස්ත්‍රීන්ගෙන් පුරුෂයන්ටත්, පුරුෂයින්ගෙන් ස්ත්‍රීන්ටත් ලාභ ප්‍රයෝජන ලැබිය හැක. අනියම් සම්බන්ධතාවලට අත වනන වර්ෂයකි. ඒ නිසා ගෘහ ජීවිතය තුළ යම් යම් ප්‍රශ්න ඇතිවිය හැක. ඇවිදිලි ඇති කරයි. පවුලේ සමගියට බාධා යෙදේ. දුරදිග නොබලා කටයුතු කරයි. තමා අතින් නොකළ යුතු වැඩ කිහිපයක් සිදු වීමට ද ඉඩ ඇත. 

අධ්‍යාපනය - ඉගෙනීම්වලට වරින්වර බාධා ඇති වුණත් අධික උත්සාහවන්තවීම් මත තරඟ විභාගවලින් ජයග්‍රහණය කිරීමට අවස්ථාව ඇත. අධ්‍යාපන කටයුතු සහා විදේශගත වීමට ද හැකියාව ඇත. 

සෞඛ්‍ය - වාතාබාධ, අජීර්ණයවීම්, උදරාබාධ වැනි රෝග වරින්වර ඇති වීමේ හැකියාවක් ඇත. 

ශාන්තිකර්ම - ගමේ පන්සලේ හාමුදුරුවන්ට හෝ ධර්මධර, විනයධර ගෞරවණීය ස්වාමීන් වහන්සේ නමකට ඉරිදා දිනක බෙහෙත් ඖෂධ රාත්‍රී 8.00ත් 9.00ත් අතර දන් දීමෙන් අපලකාරී තත්ත්වයන් මගහරවා ගන්න. 

කන්‍යා

ධනය - ආදායම් වර්ධනය වේ. විවිධ මාර්ගවලින් ආදායම් ලැබිය හැක.  

රැකියාව - අධික උත්සාහය මත රැකියාවේ තනතුරු, ලාභ ලැබිය හැක. වෙනදාට වැඩිය උත්සාහයෙන් කටයුතු කළ යුතු ය.

ගෘහ ජීවිතය - පහත් පුද්ගලයින්ගේ ඇසුර ඇතිවිය හැක. උනන්දුව ආත්ම විශ්වාසය ඇති වේ. හවුල් ව්‍යාපාරවලින් වාසි ලැබේ. අවිවාහක අයට මංගල යෝග උදා වේ. ශිල්ප කර්මාන්ත, හස්ත කර්මාන්ත වලින් බලාපොරොත්තු නොවූ ලාභ ලැබිය හැක. අනියම් ස්ත්‍රී පුරුෂ සම්බන්ධතා ද ඇති විය හැක. වාසනාවන්ත දරුවන් ලැබිය හැක. වෙහෙසකාරී ගමන්බිමන් හේතුවෙන් වරින්වර විඩාවක්, මහන්සියක් දැනෙයි. විදේශගත වීම් සාර්ථක වේ. ගේ දොර වැඩිදියුණු කරගත හැකිය.   

අධ්‍යාපනය - අලුත් දේවල් ඉගෙනීමට ලබේ. භාෂා ඥාණය හොඳින් වර්ධනය වේ. ගුරුවරුන්ට සහ ශිෂ්‍යයින්ට ඉගෙනීම් ඉගැන්වීම් කටයුතු සාර්ථක වේ.  

සෞඛ්‍ය - හදිසි අනතුරු ඇතිවිය හැක. ශරීරයේ ප්‍රතිශක්තීකරණය පිළිබද  සැලකිලිමත් වන්න. 

ශාන්තිකර්ම - පොදුවේ කන්‍යා ලග්නධාරීන් බදාදා දිනක උදේ 6.00ත් 7.00ත් අතර දුප්පත් දරුවෙකුට කොළපාට වස්ත්‍රයක් දන් දී අපලකාරී තත්ත්වයන් මගහරවා ගන්න. 

$ads={2}

දෙවැනි කොටසට මෙතැනින් යන්න - 2022 ලග්න පලාපල

Post a Comment (0)
Previous Post Next Post